2 රාජාවලිය 2:1-2
2 රාජාවලිය 2:1-2 SCV
ස්වාමින්වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ඔසවා ගන්නට සූදානම් වූ අවස්ථාවේ එලියා හා එලීෂා ගිල්ගාල් සිට ගමන් කරමින් සිටියහ. එලියා, එලීෂා අමතමින්, “මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා බෙතෙල් වෙත යැවූ සේකැ” යි කීවේ ය. එහෙත් එලීෂා, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යන්නෙමි” යි කීවේ ය. එබැවින් ඔවුහු බෙතෙල් වෙත ගියහ.





