YouVersion Logo
Search Icon

2 රාජාවලිය 19:5-8

2 රාජාවලිය 19:5-8 SCV

හෙසකියා රජුගේ නිලධාරීන් යෙසායා වෙත ආ කල, ඔවුන් ඇමතූ යෙසායා, “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක කියා ඔබේ හාම්පුතාට කියන්න: ‘ඔබ ඇසූ දෑ ගැන, අසිරියාවේ රජුගේ සේවකයින් මට කළ අපහාසයේ වචන ගැන, භය නො වන්න. ඔන්න! කිසියම් ආරංචියක් අසා තමාගේ ම රටට ආපසු හැරී යන පිණිස, මම ඔහු තුළ ආත්මයක් තබමි. ඔහුගේ ම දේශයේදී ඔහු කඩු මුවහතින් වැටෙන්නට මම සලස්වන්නෙමි’ යි” පැවසී ය. අසිරියාවේ රජු ලාකීෂ් පෙදෙස හැර ගොස් ඇති වග ක්ෂේත්‍ර අණ දෙන්නාට සැල වූයෙන්, ඔහු ආපසු ගියේ ය. රජු ලිබ්නා පුරයට එරෙහිව සටන් වැද සිටිනු ඔහුට හමු විණි.