2 රාජාවලිය 17:1-3
2 රාජාවලිය 17:1-3 SCV
යූදා රජු වූ ආහාස්ගේ දොළොස් වන අවුරුද්දේ ඒලාගේ පුත් හෝෂෙයා, සමාරියේදී ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු නවයක් රජකම් කළේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. එහෙත් ඔහුට කලින් සිටි ඉශ්‍රායෙල් රජවරුන් කළ ලෙස නො වේ ය. අසිරියාවේ රජු වූ ෂල්මනෙසෙර්, හෝෂෙයාට එරෙහිව ආවේ ය. හෝෂෙයා, ෂල්මනෙසෙර්ගේ සේවකයකු වී, ඔහුට කප්පම් ගෙවී ය.



