2 රාජාවලිය 15
15
යූදාහි රජ අසරියා
1ඉශ්‍රායෙල් රජු වූ යෙරොබොවම්ගේ විසිහත් වන අවුරුද්දේ යූදාහි රජු වූ අමසියාගේ පුත් අසරියා#15:1 අසරියා හෙවත් උස්සියා ලෙස ද හැඳින් වේ. 6, 7, 8, 17, 23 හා 27 පදවල ද එලෙස ම ය. රජකම් කිරීම ඇරඹී ය. 2ඔහු රජකම් කිරීමට පටන් ගන්නා විට දහසය වන වියේ පසු විය. ඔහු වසර පනස් දෙකක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම යෙකොලියා ය; ඈ යෙරුසලම් කාන්තාවකි. 3ඔහු තම පියා වූ අමසියා කර තිබූ පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ කළේ ය. 4එහෙත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි; ජනයා දිගට ම එහි යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දවාලූහ.
5 ස්වාමින්වහන්සේ රජුට පහර දුන් බැවින් ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියකු විය. එබැවින් ඔහු වාසය කළේ වෙන් වූ නිවසක ය. රජුගේ පුත් යෝතාම් රජ මැදුර බාර ව සිටියේ ය. ඔහු දේශයේ ජනයා ආණ්ඩු කළේ ය.
6අසරියා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 7අසරියා තම පියවරුන් සමඟ සැතපුණේ ය. දාවිත් පුරයේ ඔහුගේ පියවරුන් සමඟ ඔහු භූමදාන කෙරිණ. ඔහුගේ පුත් යෝතාම් ඔහු වෙනුවට රජකමට පත් විය.
ඉශ්‍රායෙල්හි සෙකරියා රජු
8යූදාහි රජු වූ අසරියාගේ තිස්අට වන වසරේ යෙරොබොවම්ගේ පුත් සෙකරියා සමාරියේදී ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු මාස හයක් රජකම් කළේ ය. 9ඔහු තම පියවරුන් කර තිබූ පරිදි, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දේ කළේ ය. ඔහු නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ ඔහුගේ පාපවලින් ඉවත හැරුණේ නැත.
10යාබේෂ්ගේ පුත් ෂල්ලූම්, සෙකරියාට එරෙහිව කුමන්ත්‍රණ කර, ජනයා ඉදිරිපිටදී ඔහුට පහර දී, ඔහු මරා, ඔහු වෙනුවට රජකමට පත් විය. 11සෙකරියා සම්බන්ධ සෙසු කාරණා ඉශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. 12යේහූට පවසන ලද ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ සම්පූර්ණ විය; එනම්: “ඔබෙන් පැවත එන්නන් හතර වෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනය පිට හිඳගන්නේ ය” යනුයි.
ඉශ්‍රායෙල්හි ෂල්ලූම් රජු
13යූදා රජු වූ උස්සියාගේ තිස්නව වන වසරේ යාබේෂ්ගේ පුත් ෂල්ලූම් රජකමට පත් වී, සමාරියේ මාසයක් රජකම් කළේ ය. 14එවිට ගාදීගේ පුත් මෙනහේම් තිර්සා සිට සමාරිය දක්වා ගියේ ය. සමාරියේදී ඔහු යාබේෂ්ගේ පුත් ෂල්ලූම්ට පහර දී, ඔහු මරා, ඔහු වෙනුවට රජකමට පත් විය.
15ෂල්ලූම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ කුමන්ත්‍රණය ද ගැන ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ.
16ඒ කාලයේ මෙනහේම්, තිර්සා පුරයෙන් පටන් ගෙන තිෆ්සාටත්, එපුර සිටි හැමටත් ඒ අවට පළාතටත් පහර දුන්නේ ය. මන්ද ඔවුන් තම දොරටු ඔහුට විවර කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් ඔහු තිර්සා පුර වනසා, සියලු ගැබිනියන් ඉරා දැම්මේ ය.
ඉශ්‍රායෙල්හි මෙනහේම් රජු
17යූදා රජු වූ අසරියාගේ තිස්නව වන අවුරුද්දේ ගාදීගේ පුත් මෙනහේම්, ඉශ්‍රායෙල්හි රජකමට පත් වී, සමාරියේ අවුරුදු දහයක් රජකම් කළේ ය. 18ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දෑ කළේ ය. ඔහු තම මුළු පාලන සමයේදී ඉශ්‍රායෙල්ට පව් කරන්නට සැලසූ නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාපවලින් ඉවත් වුණේ නැත.
19ඉන්පසු අසිරියාවේ රජු වූ පූල්#15:19 පූල් හෙවත් තිග්ලත්-පිලෙසෙර් ලෙස ද හැඳින් වේ., දේශය ආක්‍රමණ කළේ ය. මෙනහේම් තමාට උදවු ලබා ගැනීමටත්, රාජ්‍යය තමාගේ අතේ තහවුරු කර ගැනීමටත් ඔහුට රිදී තලෙන්ත දහසක්#15:19 මෙට්‍රික් ටොන් 34ක් පමණ. දුන්නේ ය. 20මෙනහේම් මේ මුදල් අය කර ගත්තේ ඉශ්‍රායෙල් ජනයාගෙනි; අසිරියාවේ රජුට දෙන්නට ධනවත් හැම මිනිසකු ම රිදී ෂෙකෙල් පනහ#15:20 ග්‍රෑම් 575ක් පමණ. බැගින් දිය යුතු විණි. එබැවින් අසිරියාවේ රජු දේශයේ නො රැඳී ආපසු ගියේ ය.
21මෙනහේම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 22මෙනහේම් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහුගේ පුත් පෙකහියා ඔහු වෙනුවට රජකමට පත් විය.
ඉශ්‍රායෙල්හි පෙකහියා රජු
23යූදා රජු වූ අසරියාගේ පනස් වන වසරේ මෙනහේම්ගේ පුත් පෙකහියා සමාරියේදී ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු දෙකක් රජකම් කළේ ය. 24ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දෑ කළේ ය. ඔහු, ඉශ්‍රායෙල්ට පව් කරන්නට සැලසූ නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාපවලින් ඉවත හැරුණේ නැත. 25ඔහුගේ ප්‍රධාන නිලධාරීන්ගෙන් කෙනකු වූ රෙමලියාගේ පුත් පෙකා, ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කළේ ය. ඔහු ගිලියාද්හි මිනිසුන් පනස්දෙනකු සමඟ ගොස්, අර්ගොබ් හා අරියේ සමඟ සමාරියේ රජ මැදුරු බළකොටුවේදී පෙකහියා මරා දැමී ය. එසේ පෙකහියා මරා දැමූ පෙකා ඔහු වෙනුවට රජකමට පත් විය.
26පෙකහියා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ.
ඉශ්‍රායෙල්හි පෙකා රජු
27යූදාහි රජු වූ අසරියාගේ පනස්දෙවන වසරේ රෙමලියාගේ පුත් පෙකා සමාරියේදී ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු විස්සක් රජකම් කළේ ය. 28ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දේ කළේ ය. ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාපවලින් ඔහු ඉවත් වූයේ නැත.
29ඉශ්‍රායෙල් රජු වූ පෙකාගේ කාලයේදී අසිරියාවේ රජු වූ තිග්ලත්-පිලෙසෙර් අවුත්, ඊයොන්, ආබෙල් බෙත්-මාකා, යානෝවා, කෙදෙෂ් හා හාසොර් යන නගර අල්ලා ගත්තේ ය. ඔහු ගිලියාද් හා නෆ්තලී මුළු දේශය ඇතුළු ගලීලය ද අල්ලාගෙන, ජනයා වහලට ගෙන, අසිරියාවට රැගෙන ගියේ ය. 30ඉන්පසු ඒලාගේ පුත් හෝෂෙයා, රෙමලියාගේ පුත් පෙකාට එරෙහිව කුමන්ත්‍රණ කර, ඔහුට පහර දී, ඔහු මරා, ඔහු වෙනුවට උස්සියාගේ පුත් යෝතාම්ගේ විසිවෙනි අවුරුද්දේදී රජ විය.
31පෙකා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?
යූදාහි යෝතාම් රජු
32ඉශ්‍රායෙල් රජු වූ රෙමලියාගේ පුත් පෙකාගේ දෙවන අවුරුද්දේ යූදා රජු වූ උස්සියාගේ පුත් යෝතාම් රජකම් කරන්නට පටන් ගත්තේ ය. 33ඔහු රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. ඔහු අවුරුදු දහසයක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම යෙරූෂා ය. ඈ සාදෝක්ගේ දියණියයි. 34ඔහු තම පියා වූ උස්සියා කර තිබූ සියල්ල පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කළේ ය. 35එහෙත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි; ජනයා දිගට ම එහි යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දවාලූහ. යෝතාම්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩ නැගුවේ ය.
36යෝතාම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ ද යූදා රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 37ඒ දවස්වලදී ස්වාමින්වහන්සේ අරාම්හි රජු වූ රෙසීන් හා රෙමලියාගේ පුත් පෙකා යූදාට එරෙහිව යවන්නට පටන් ගත් සේක. 38යෝතාම් තම පියවරුන් සමඟ සැතපුණෙන්, තම පිය වූ දාවිත් පුරයේ ඔහුගේ පියවරුන් සමඟ භූමදාන කෙරිණ. ඔහුගේ පුත් ආහාස් ඔහු වෙනුවට රජකමට පත් විය.
Currently Selected:
2 රාජාවලිය 15: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: