YouVersion Logo
Search Icon

2 රාජාවලිය 11:1-3

2 රාජාවලිය 11:1-3 SCV

තවද අහසියාගේ මව වූ අතලියා තම පුතු මැරුණු වග දුටු කල, නැගිට, මුළු රාජ වංශය විනාශ කළා ය. එහෙත් යෝරාම් රජුගේ දියණිය ද අහසියාගේ සහෝදරිය ද වූ යෙහෝෂෙබා, එසේ මරා දමන්නට සිටි රජ කුමාරයින් අතරෙන් අහසියාගේ පුත් යෝවාෂ් රහසින් ගෙන, අතලියාගෙන් ඔහු සඟවන පිණිස ඔහුත්, ඔහුගේ කිරි මවත් යහන් කුටියක සැඟවූවා ය. එසේ ඔහු මරනු නො ලැබිණ. අතලියා දේශය පාලනය කළ අතරතුරේ ඔහු තම කිරි මව සමඟ ස්වාමින්වහන්සේගේ ගෘහයේ අවුරුදු හයක් සැඟවී සිටියේ ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 11:1-3