2 රාජාවලිය 10
10
රජ කුමරුන් හැත්තෑදෙනා
1තවද ආහාබ් වංශයේ පුත්තු හැත්තෑ දෙනෙක් සමාරියේ සිටියහ. එබැවින් සමාරියේ යෙස්‍රෙයෙල්හි නිලධාරීන්ට ද වැඩිහිටියන්ට හා ආහාබ්ගේ දරුවන්ගේ භාරකරුවන්ට ද යේහූ ලියුම් ලියා යැවී ය. ඔහු ලියා යැව්වේ, 2“ඔබගේ ස්වාමියාගේ පුතුන් තවම ඔබ සමඟ සිටින නිසාත්, ඔබට රථ හා අශ්වයින් ද බළකොටු පුරයක් හා අවි-ආයුධ ඇති නිසාත් මේ ලිපිය ඔබට ලැබුණු වහාම, 3ඔබගේ ස්වාමියාගේ පුතුන්ගෙන් හොඳ ම, සුදුසු ම තැනැත්තා තෝරා, ඔහුගේ පියාගේ සිංහාසනය පිට ඔහු හිඳුවා, ඔබගේ ස්වාමියාගේ වංශය උදෙසා සටන් කරන්න” කියා ය.
4එහෙත් ඔවුහු මහත් සේ තැති ගෙන, “බලන්න! ඔහුට එරෙහිව සිටින්නට රජුන් දෙදෙනකුට බැරි වූවා නම්, අප කෙසේ එරෙහි වන්න දැ?” යි කීහ.
5එබැවින් රජ මැදුරු පාලකයා ද පුරවර ආණ්ඩුකාරයා ද වැඩිහිටියෝ ද දරුවන්ගේ භාරකරුවෝ ද මෙම පණිවුඩය යේහූ වෙත යැවූහ: “අපි ඔබගේ දාසයෝ. ඔබ කියන ඕනෑ ම දෙයක් කරන්නට අප සූදානම්; කිසි කෙනකු රජ හැටියට අප පත් කර ගන්නේ නැත; ඔබට හොඳ යැයි සිතෙන ඕනෑ ම දෙයක් කරන්නැ” යි කියා යැවූහ.
6එවිට යේහූ ඔවුන් වෙත දෙවන ලිපිය ලියමින්, “ඔබ මගේ පක්ෂයට නම්, ඔබ මට කීකරු වේ නම්, ඔබගේ ස්වාමියාගේ පුතුන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට යෙස්‍රෙයෙල්හි මා වෙත එන්නැ” යි කියා යැවී ය.
රාජ කුමාරයින් හැත්තෑදෙනා සිටියේ ඔවුන් ඇතිදැඩි කළ නගර ප්‍රධානීන් සමඟ ය. 7ලිපිය ලැබුණු කල, ඔවුහු කුමාරයින් හැත්තෑදෙනා ම අල්ලා, ඝාතන කොට, ඔවුන්ගේ හිස් කූඩාවල බහා, යෙස්‍රෙයෙල්හි යේහූ වෙත යැවූහ. 8“ඔවුන් කුමාරයින්ගේ හිස් ගෙනැවිත් තිබේ යැ” යි පණිවුඩකරු අවුත්, යේහූට දැන්වී ය.
එවිට යේහූ නියෝග කරමින්, “ඒවා නගර දොරටු ළඟ ගොඩවල් දෙකක් ගසා උදය වන තුරු තබන්නැ” යි පැවසී ය.
9යේහූ පසු දා උදෑසන පිටතට ගොස්, මුළු ජනයා ඉදිරිපිට නැගිට සිට, “ඔබ නිර්දෝෂියි. මගේ ස්වාමියාට එරෙහිව කුමන්ත්‍රණ කර ඔහු මැරුවේ මමයි. එහෙත් මොවුන් සියල්ලන් මැරුවේ කවුරු ද? 10ස්වාමින්වහන්සේ ආහාබ්ගේ වංශයට එරෙහිව පැවසූ තමන්වහන්සේගේ එක් වචනයකුදු නො වරදින වග මෙයින් දැනගන්න. ස්වාමින්වහන්සේ ස්වකීය සේවක එලියා මගින් කී දේ ඉටු කර තිබේ යැ” යි පැවසී ය. 11යේහූ එබැවින් ආහාබ්ගේ වංශයෙන් යෙස්‍රෙයෙල්හි ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ ප්‍රධානී සියල්ලන් ද ඔහුගේ හිත මිතුරන් ද ඔහුගේ පූජකයින් ද මරා දැම්මේ, ජීවත් වන කිසිවකු ආහාබ්ට ඉතිරි නො කරමිනි.
12යේහූ එතැනින් පිටත් ව සමාරිය දෙසට ගියේ ය. එඬේරුන්ගේ බෙත්-ඒකෙද් ළඟදී, 13ඔහුට යූදා රජු වූ අහසියාගේ සහෝදරයින් කීප දෙනකු මුණ ගැසිණි. “ඔබ කවුරුන් දැ?” යි ඔහු ඇසී ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “අපි අහසියාගේ සහෝදරයෝ. රජුගේ හා මව් බිසවගේ පවුලේ අයට සුබ පතන්න ආවා” යි පැවසූහ.
14“පණ පිටින් ඔවුන් අල්ලා ගනු” යි ඔහු නියෝග කළේ ය. එබැවින් ඔවුහු ඔවුන් පණ පිටින් අල්ලා, බෙත්-ඒකෙද් ළිඳ ළඟදී හතළිස් දෙදෙනකු වූ ඔවුන් ඝාතන කර දැමූහ. කිසිවකුටත් බේරී යන්නට ඔහු ඉඩ හැරියේ නැත.
15ඔහු එතැනින් පිටත් ව යන කල, ඔහු මුණගැසෙන්නට ඔහුගේ පෙර මඟට රේකාබ්ගේ පුත් යෙහෝනාදාබ් එනු හමු විය. යේහූ ඔහුට ආචාර කොට, “මා ඔබ සමඟ හදවතින් එකඟ ව සිටින සේ ඔබත් හදවතින් එකඟ දැ?” යි ඇසී ය.
“එසේ යැ” යි යෙහෝනාදාබ් පිළිතුරු දුන්නේ ය.
“එසේ නම් ඔබේ අත දෙන්නැ” යි යේහූ කී ය. ඔහු එසේ අත දුන් විට යේහූ ඔහු රථයට නංවා ගත්තේ ය. 16යේහූ කතා කොට, “මා සමඟ අවුත්, ස්වාමින්වහන්සේ කෙරේ ඇති මගේ උද්යෝගය බලන්නැ” යි කී ය. ඉන්පසු ඔහු තමාගේ රථයේ ඔහු නැග යන්නට සැලැස්වී ය.
17යේහූ සමාරියට පැමිණ, ආහාබ්ගේ වංශයේ ඉතිරි ව සිටි සියලු දෙනා මරා දැමී ය; එලියා ලවා ස්වාමින්වහන්සේ පවසා තිබූ වචනය ලෙස, ඔහු ඔවුන් විනාශ කර දැමී ය.
බාල් දෙවියාගේ දිවැසිවරුන් මරා දැමීම
18ඉන්පසු යේහූ සියලු මිනිසුන් රැස් කරවා, ඔවුන් අමතමින්, “ආහාබ්, බාල් දෙවියාට සේවය කළේ ස්වල්ප වශයෙනි. එහෙත් යේහූ ඔහුට බෙහෙවින් සේවය කරන්නේ ය. 19දැන් බාල් දෙවියාගේ සියලු දිවැසිවරුන්, ඔහුගේ සියලු තේවාකරුවන් හා ඔහුගේ සියලු පූජකයින් කැඳවන්න. ඔවුන්ගෙන් එක් කෙනකුවත් මඟහැරෙන්නට ඉඩ තබන්න එපා. මම බාල් උදෙසා මහා යාග පූජාවක් පවත්වන්නට යන නිසා එන්නේ නැති කෙනකු වේ ද ඔහු ජීවත් වන්නේ නැතැ” යි කී ය. එහෙත් යේහූ කළේ බාල්ගේ සේවකයින් විනාශ කර දමන්නට ප්‍රයෝගයකි.
20“බාල් දෙවියාට ශුද්ධ රැස්වීමක් ප්‍රසිද්ධ කරන්නැ” යි යේහූ කී ය. එබැවින් ඔවුහු එය ප්‍රකාශයට පත් කළහ. 21ඉන්පසු ඔහු ඉශ්රායෙල් පුරා පණිවුඩයක් යැවී ය. බාල් දෙවියාගේ සේවකයින් සැවොම පැමිණියහ. එක් කෙනකුවත් නෑවිත් සිටියේ නැත. බාල්ගේ දෙවොලේ එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා පිරී යන තුරු ඔවුහු එක් රොක් වූහ. 22“බාල් දෙවියාගේ තේවාකරුවන් හැම කෙනකු උදෙසා ම කබා ගෙනෙන්නැ” යි යේහූ, කබා බාර ව සිටි ගබඩාකරුට කීවේ ය. එබැවින් ඔහු ඔවුන්ට කබා ගෙනාවේ ය.
23ඉන්පසු යේහූ හා රේකාබ්ගේ පුත් යෙහෝනාදාබ් බාල් දෙවියාගේ දෙවොල තුළට ගියහ. යේහූ, බාල්ගේ තේවාකරුවන් අමතමින්, “මෙහි ඔබ සමඟ ස්වාමින්වහන්සේගේ සේවකයින් නො සිටින හැටියටත්, බාල් අදහන්නන් පමණක් සිටින හැටියටත් වග බලා ගන්නැ” යි පැවසී ය. 24එවිට ඔවුහු යාග පූජා හා දවන යාග පූජා පුදන්නට ඇතුළට ගියහ. ඒ අතර යේහූ මිනිසුන් අසූදෙනකු පිටත සිටුවා, “මා ඔබ අතට පත් කරන කිසිවකු හෝ ඔබ අතින් බේරී ගියොත්, ඔහුගේ ජීවිතය වෙනුවට ඔබේ ජීවිතය යැ” යි පැවසී ය.
25දවන යාග පූජාව ඔප්පු කර නිම වූ වහාම රැකවල් කරුවන් හා නිලධාරීන් ඇමතූ යේහූ, “ඇතුළට වැද ඔවුන් මරා දමනු; කිසිවකුටත් බේරී යන්නට ඉඩ නො දෙනු” යි නියෝග කළේ ය. එබැවින් ඔවුහු ඔවුන් කඩු ගා දැමූහ. රැකවල්ලු හා නිලධාරීහු එම මළ-සිරුරු පිටත හෙළා, බාල් දෙවියාගේ දෙවොලේ ඇතුල් කුටියට වැද, 26රූප ස්තම්භය බාල්ගේ දෙවොලෙන් පිටතට ගෙනවුත්, එය පුලුස්සා දැමූහ. 27ඔවුහු බාල් දෙවියාගේ රූප ස්තම්භය බිඳ, බාල්ගේ දෙවොල බිමට සමතලා කර දැමූහ. ජනයා අද දක්වා එතැන වැසිකිළියකට භාවිත කෙරේ.
28මෙසේ යේහූ බාල් දේවතාවුන්-නමස්කාරය ඉශ්‍රායෙලයෙන් පහ කර දැමී ය. 29එසේ වුවත් ඔහු බෙතෙල්හි ද දාන්හි ද රන් වස්සන්ට වැඳුම් පිදුම් කරන්නට ඉශ්රායෙල්වරුන්ට සැලැස් වූ නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාපවලින් ඉවත් නො වී ය.
30 ස්වාමින්වහන්සේ යේහූට කතා කොට, “මගේ ඇස් හමුවේ හරි දේ ඔබ හොඳින් ඉටු කළ නිසාත්, ආහාබ්ගේ වංශය පිළිබඳ මගේ සිතේ කරන්නට තිබූ සියල්ල ම ඔබ කළ නිසාත් ඔබෙන් පැවත එන්නන් හතර වෙනි පරම්පරාව දක්වා ඉශ්රායෙල් සිංහාසනය පිට හිඳගන්නේ යැ” යි පැවසූ සේක. 31එහෙත් යේහූ තමන්ගේ මුළු හදින් ම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නට වග බලා ගත්තේ නැත. ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස් වූ නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාපයෙන් ඔහු ඉවත් වූයේ නැත.
32එදවස්හි ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් රාජ්‍යය කුඩා කරන්නට පටන් ගත් සේක. හසායෙල්, ඉශ්රායෙල්වරුන්ගේ පළාත් පුරා ඔවුන් පරාජය කරමින්, 33යොර්දානට නැගෙනහිරින් මුළු ගිලියාද් වන ගාද්, රූබෙන් හා මනස්සේ පළාත, අර්ණොන් දොරුව අසබඩ වූ අරෝයෙර් පටන් ගිලියාද් හරහා බාෂාන් දක්වා යටත් කර ගත්තේ ය.
34යේහූ සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල හා ඔහුගේ සියලු බලවත් ක්‍රියා ද ඉශ්රායෙල් රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?
35යේහූ තම පියවරුන් සමඟ සැතපී, සමාරියේ භූමදාන කෙරිණ. ඔහු වෙනුවට ඔහුගේ පුත් යෙහෝවාහාස් රජකමට පත් විය. 36යේහූ සමාරියේදී ඉශ්රායෙල්හි රජකම් කළ කාලය අවුරුදු විසි අටක් විය.
Currently Selected:
2 රාජාවලිය 10: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: