2 රාජාවලිය 1:9-10
2 රාජාවලිය 1:9-10 SCV
එවිට ඔහු පනසකගේ සෙන්පතියකු ඔහුගේ පනසක සේනාංකය සමඟ එලියා වෙත යැවී ය. සෙන්පති කඳු මුඳුනේ හිඳ සිටි එලියා වෙත ගොස්, ඔහු අමතා, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ‘පහළට බැස එන්න’ කියා රජු කියන්නේ යැ” යි කීවේ ය. එලියා සෙන්පතිට පිළිතුරු දෙමින්, “මා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයකු නම්, අහසින් ගිනි බැස ඔබත්, ඔබේ මිනිසුන් පනස්දෙනාත් දවා දමාවා” යි පැවසී ය. එවිට අහසින් ගිනි බැස, සෙන්පති හා ඔහුගේ මිනිසුන් දවාලී ය.





