2 යොහන් 1:4-11
2 යොහන් 1:4-11 SCV
පියාණන්වහන්සේ අපට අණ කළ පරිද්දෙන්, ඔබේ දරුවන් ඇතැම් දෙනකු සත්‍යතාවෙහි පවතිනු දැකීම මට මහත් ප්‍රීතියකි. ප්‍රිය ස්වාමිදුවණියනි, මෙහිදී මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන් අපට තිබූ ආඥාව ලෙස එකිනෙකාට ප්‍රේම කරමුයි ඉල්ලමි. ප්‍රේමය මෙයයි: දෙවියන්වහන්සේගේ ආඥාවනට අනුව පැවත සිටීමයි. මුල පටන් ඔබ අසා ඇති පරිදි උන්වහන්සේගේ ආඥාව, ඔබ එහි පැවත සිටීමයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුතු ව පැමිණීම නො පිළිගන්නා රැවටිලිකරුවන් බොහෝ දෙනෙක් ලෝකයට පිටත් ව ගොස් සිටිති. රැවටිලිකරුවා ද ව්‍යාජ-ක්‍රිස්තුස් ද මෙවැනි අය ය. අප ඉටු කළ වැඩ අපතේ නො යවා, ඒ සඳහා සම්පූර්ණ ත්‍යාගය ඔබ ලබන පිණිස පරෙස්සම් වන්න. ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නො පැවත, ඉන් එහාට යන කිසිවකු සමඟ දෙවියන්වහන්සේ නැත. ඒ ඉගැන්වීමෙහි පැවත සිටින්නාට පියාණෝ ද පුත්‍රයාණෝ ද සිටින්නාහ. ඔබ වෙත එන කවුරුන් වුව ද, මෙම ඉගැන්වීම ගෙන එන්නේ නැති නම්, ඔබේ ගෙදරට ඒ අය නො පිළිගන්න; ආචාර නො කරන්න. මන්ද ඒ අයට අචාරකරන්නා ද ඒ අයගේ දුෂ්ටකමට පංගුකාර වන බැවිනි.


![[Truth & Love] the Practice 2 යොහන් 1:4-11 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F38939%2F1440x810.jpg&w=3840&q=75)
![[Truth & Love] the Protection 2 යොහන් 1:4-11 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F38988%2F1440x810.jpg&w=3840&q=75)

