2 කොරින්ති 5
5
අලුත් සිරුර ගැන බලා සිටීම
1අපගේ භූමික නිවාසය වන කූඩාරම විනාශ කරනු ලැබුවත්, මිනිස් අතින් නො සෑදුණු ස්වර්ගයේ සදාතනික නිවසක් වූ ගොඩනැගිල්ලක් දෙවියන්වහන්සේගෙන් අපට තිබෙන වග අපි දනිමු. 2මන්ද ඒ ස්වර්ගීය නිවහන පැලඳ ගැනීමේ දැඩි ආශාවෙන් මේ කූඩාරමේ සිටියදී අපි කෙඳිරි ගාන්නෙමු. 3ඇත්තෙන් ම අප එය පැලඳගත් කල, අප නග්න ව සිටින වගක් නො පෙනෙනු ඇත. 4මන්ද තවමත් මේ කූඩාරමේ සිටියදී බර දරමින් අප කෙඳිරි ගාන්නේ, නිරාවරණ වන්නට නො ව, මැරෙන සුළු වූ දේ ජීවනය මගින් ගිල දමනු පිණිස වඩාත් හඳවනු ලබන්නට ය. 5මේ අරමුණ සඳහා ම අප පිළියෙල කළේ, ඇපයක් වශයෙන් ආත්මයාණන් අපට දුන් දෙවියන්වහන්සේ ම ය.
6එබැවින් හැම විට අප සිටින්නේ නියත ධෛර්යයෙනි. ශරීරය තුළ අප මෙම නිවහනේ සිටියදී ස්වාමින්වහන්සේගෙන් අප දුරස්ථ ව සිටින බව අපි දනිමු. 7මන්ද අප ජීවත් වන්නේ ඇදහිල්ලෙනි; දැකීමෙන් නො වේ. 8අප පවසන්නේ නිසැක ධෛර්යයෙන් සිටින වග හා මේ ශරීරයෙන් වෙන් ව, ස්වාමින්වහන්සේ සමඟ විසීමට වඩාත් කැමති වග ය. 9එබැවින් අපි ශාරීරික නිවසේ සිටියත්, පිටත සිටියත් ස්වාමින්වහන්සේ සතුටු කිරීම අපගේ අරමුණ කර ගන්නෙමු. 10මන්ද ශරීරයේ සිටියදී හොඳ හෝ නරක හෝ වේවා, එකිනෙකා කළ කළ දේ අනුව පල විපාක ලබන පිණිස, අප සියල්ලන් ම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතු ම ය.
සමඟි කිරීමේ මෙහෙය
11එනිසා ස්වාමින්වහන්සේට භයවීම කුමක් දැයි දන්නා අපි, මිනිසුන්ට ඒත්තු ගැන්වීමට වැර දරන්නෙමු. අප කවුරුන්දැයි දෙවියන්වහන්සේ දන්නා සේක. අප කවුරුන්දැයි ඔබේ හෘදය සාක්ෂියත් එලෙස ම දන්නේය යනු මගේ බලාපොරොත්තුවයි. 12අප නැවතත් අප ගැන ම ඔබට රෙකමදාරු කර ගන්නවා නො වේ. හදවතේ ඇති දෑට වඩා පිටස්තර දෑ ගැන උදම් වන්නන්ට පිළිතුරු දිය හැකි වන සේ, අප ගැන උදම් වීමට ඔබට ඉඩ සලසා දෙනවා පමණි. 13අපගේ සිහි විකල් වෙලා නම්, ඒ දෙවියන්වහන්සේ උදෙසා ය. අප හොඳ සිහි කල්පනාවෙන් නම්, ඒ ඔබ උදෙසා ය. 14අප මෙසේ නිගමන කර ඇති බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප පාලනය කරයි. එනම්, සියල්ලන් වෙනුවෙන් එක් කෙනෙක් මැරුණේ යයි ද එබැවින් සියල්ලෝ ම මැරුණෝ යයි ද 15සියල්ලන් වෙනුවෙන් උන්වහන්සේ මැරුණේ, ජීවත් ව සිටින්නන් තවදුරටත් තමන් ම උදෙසා ජීවත් නො වී, ඔවුන් උදෙසා මැරී, නැගිටුවනු ලැබූ තැනැන්වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය.
16එබැවින් මෙතැන් පටන් අප, මාංසයට අනුව කිසිවකු සලකන්නේ නැත. වරක් අප ක්‍රිස්තුස්වහන්සේ මාංසයට අනුව සැලකූ නමුදු, තවදුරටත් උන්වහන්සේ ගැන එසේ සලකන්නේ නැත. 17එබැවින්, යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ වේ නම්, ඔහු නව මැවිල්ලකි. පැරැන්න පහව ගොස් ඇත, මෙන්න! අලුත් භාවය පැමිණ ඇත. 18මේ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළින් තමන්වහන්සේට අප සමඟි කර ගත්තා වූ ද සමඟි කිරීමේ මෙහෙයය අපට බාර දුන්නා වූ ද දෙවියන්වහන්සේගෙනි. 19එනම්, දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ලෝකයා තමන්වහන්සේට සමඟි කර ගනිමින්, ඔවුන්ගේ පාප ඔවුන්ට එරෙහිව ගණන් නො ගෙන, එසේ සමඟි කිරීමේ පණිවුඩය අපට පවරා දී ඇති බව ය. 20එබැවින් අප, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා තානාපතීන් ය; දෙවියන්වහන්සේ, අප මගින් තම ආයාචනා ඉදිරිපත් කරන සේක. දෙවියන්වහන්සේ හා සමඟි වන ලෙස ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් අපි ඔබගෙන් අයදින්නෙමු. 21පාපය නො දත් තැනැන්වහන්සේ අප උදෙසා පාපය වීමට දෙවියන්වහන්සේ සැලසූ සේක. එසේ කළේ, උන්වහන්සේ තුළ අප, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස ය.
Currently Selected:
2 කොරින්ති 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: