2 කොරින්ති 3:1-6
2 කොරින්ති 3:1-6 SCV
අප නැවතත්, අප ගැන ම වර්ණනාව පටන් ගන්නවා ද? නැතහොත් ඇතමුන්ට සේ අපටත් ඔබට හෝ ඔබගෙන් හෝ රෙකමදාරු ලිපි ඕනෑ ද? හැමට ම දැනගැනීමටත්, කියවීමටත් අපගේ හදවත් මත ලියන ලද අපගේ රෙකමදාරු ලිපිය ඔබ ය. අප විසින් බෙදා හරින ලද ක්‍රිස්තුස්වහන්සේ වෙතින් වූ ලිපිය, ඔබ බැව් ඔබ ම පෙන්වයි; එය ලියා ඇත්තේ තීන්තෙන් නො ව, ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙනි; ගල් පුවරුවල නො ව, මිනිස් හද-පුවරුවල ය. ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ වෙත අපට ඇත්තේ එවැනි සහතිකයකි. කිසිවක් අපේ ම සමත්කමින් වී යැයි කීමට අපට නුපුළුවන. අපේ සමත්කම දෙවියන්වහන්සේ වෙතින් ය. අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.





