2 කොරින්ති 2:7-11
2 කොරින්ති 2:7-11 SCV
එබැවින් දැන් ඊට වඩා ඔහුට කමා වීමට නැඹුරු වී, ඔහු අස්වැසීම යුතු ය. නැතහොත් ඒ අධිකතර ශෝකයෙහි ඔහු ගිලී යා හැකි ය. එබැවින් ඔහුට ඇති ඔබේ ප්‍රේමය යළි තහවුරු කර දක්වන මෙන් ඔබෙන් උදක් ම ඉල්ලමි. මා ඔබට ලියුවේ, හැම කරුණකදී ම ඔබ කීකරු වේ දැයි පරීක්ෂා කර දැනගැනීමට ය. ඔබ යමකුට කමා වන්නේ නම්, මමත් ඔහුට කමා වෙමි. මා එසේ කමා වී නම්, කමා වී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියේ ය. එසේ කළේ සාතන් උපායශීලී ව අප නො රවටන පිණිස ය; මන්ද උගේ උපක්‍රම අප නො දන්නවා නො වේ.





