YouVersion Logo
Search Icon

2 කොරින්ති 2:4-11

2 කොරින්ති 2:4-11 SCV

මන්ද හදවතේ දැඩි පීඩනයකින් හා සන්තාපයෙන් ද නෙතේ පිරි කඳුළින් ද යුතු ව මා ඔබට ලියුවේ, ඔබ වේදනාවට පත් කිරීමට නො ව, ඔබට ඇති මගේ ප්‍රේමය කොතරම් අධිකදැයි ඔබ දැනගන්නා පිණිස ය. යමකු වේදනාවක් ඇති කළා නම්, ඔහු එය ඇති කළේ මට නො ව, තරමක් දුරකට ඔබ හැමට ය. එසේ කීවේ තත්වය වඩා උග්‍ර කර නො දැක්වීමට ය. ඒ තැනැත්තාට, වැඩි දෙනාගෙන් ලද දඬුවම ප්‍රමාණවත් ය. එබැවින් දැන් ඊට වඩා ඔහුට කමා වීමට නැඹුරු වී, ඔහු අස්වැසීම යුතු ය. නැතහොත් ඒ අධිකතර ශෝකයෙහි ඔහු ගිලී යා හැකි ය. එබැවින් ඔහුට ඇති ඔබේ ප්‍රේමය යළි තහවුරු කර දක්වන මෙන් ඔබෙන් උදක් ම ඉල්ලමි. මා ඔබට ලියුවේ, හැම කරුණකදී ම ඔබ කීකරු වේ දැයි පරීක්ෂා කර දැනගැනීමට ය. ඔබ යමකුට කමා වන්නේ නම්, මමත් ඔහුට කමා වෙමි. මා එසේ කමා වී නම්, කමා වී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියේ ය. එසේ කළේ සාතන් උපායශීලී ව අප නො රවටන පිණිස ය; මන්ද උගේ උපක්‍රම අප නො දන්නවා නො වේ.