2 කොරින්ති 11
11
පාවුල් හා බොරු අපෝස්තුලුවරු
1මගේ සුළු අනුවණකමක් ඔබ ඉවසනවාට කැමැත්තෙමි. මා ගැන ඉවසා සිටින්න; 2නො ඉඳුල් කන්‍යාවියක සේ ඔබ එක ම පුරුෂයකුට එනම් ක්‍රිස්තුස්වහන්සේට විවාහ කර දීමට මා ගිවිස ඇති බැවින්, ඔබ ගැන දිව්‍යමය ඊර්ෂ්‍යාවකින් මම පෙළෙමි. 3එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි. 4මන්ද යමකු ඔබ වෙත අවුත්, අප ප්‍රකාශ කළ තැනැත්තාණන් හැර, වෙනත් යේසුස් කෙනකු ප්‍රකාශ කළහොත් හෝ ඔබ ලැබූ ආත්මයාණන්ට වෙනස් වූ ආත්මයක් ලැබුවහොත් හෝ ඔබ පිළිගත් ශුභාරංචියට වෙනස් එකක් පිළිගතහොත් හෝ ඔබ කැමැත්තෙන් එය ඉවසීම හොඳ ය!
5එහෙත් ඔය සුපිරි අපෝස්තුලුවරුනට වඩා මා කොහෙත් ම අඩු කෙනෙකැයි මම නො සිතමි. 6මා කතාවට අදක්ෂ නමුත්, දැනගැන්මෙන් එසේ නැත. සැබවින් ම, හැම දේකදී ඒ වග ඔබට පැහැදිලි වන අයුරින් අප කටයුතු කර ඇත. 7දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නොමිලේ ම ඔබට දේශනා කළ නිසා, ඔබ උසස් වන පිණිස, මා යටහත් වීමෙන් පවක් කළෙම් ද? 8ඔබට සේවය කරන පිණිස, අනෙක් සභාවලින් ආධාර ලබාගැනීමෙන්, මම ඔවුන්ගෙන් කොල්ල කෑවෙමි. 9මා ඔබ සමඟ සිටියදී මට හිඟකම් ඇති වූ කල, ඔබ කිසිවකුට මා බරක් වූයේ නැත. මන්ද මකිදෝනියෙන් පැමිණි සහෝදරයෝ මගේ අවැසිතා සපිරූහ. මෙසේ මා ඔබට බරක් නො වූවාත් හැර, කිසි ලෙසකින් මා ඔබට බරක් වීමෙන් මතුත් වළකින්නෙමි. 10ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යය මා තුළ ඇති බැවින්, මගේ මෙම පාරට්ටුව මුළු අකාය පළාත්හි දී නිහඬ කෙරෙනු නැත. 11ඒ ඇයි? මා ඔබට ප්‍රේම නො කරන නිසා ද? මා ප්‍රේම කරන වග දෙවියන්වහන්සේ දන්නා සේක.
12අප කරන දෑ හා සම තත්වයක ගැණෙන පිණිස තමන් කරන දේ ගැන පාරට්ටු කර ගැනීමට කැමතිවූවන්ගේ බල බිඳින පිණිස, කරන දේ මම ඉදිරියටත් කර ගෙන යන්නෙමි. 13මන්ද ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුලුවරුන් ලෙස වෙස්වලා ගත් එබඳු මිනිසුන් බොරු අපෝස්තුලුවරු ය; වංචනික වැඩකරුවෝ ය. 14එය පුදුමයක් නො වේ. මන්ද සාතන් පවා තමා ම ආලෝකයේ දූතයකුගේ වෙස් පලඳනා බැවිනි. 15එබැවින් ඔහුගේ සේවකයින් ද ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගැනීම අරුමයක් නො වේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුරූපී වනු ඇත.
තම දුක්විඳීම් ගැන පාවුල්ගේ වාර්තාව
16මා නැවතත් කියන්නේ, කිසිවකු මා අඥානයකු යයි නො සිතන ලෙසයි. එහෙත් ඔබ එලෙස සිතන්නේ නම්, මා මදක් පාරට්ටු කර ගන්නා පිණිස, මා අඥානයකු ලෙස පිළිගන්න. 17පාරට්ටු කර ගැනීමේ ආත්ම විශ්වාසයෙන් යුතු ව, මා මෙසේ කියන්නේ ස්වාමින්වහන්සේ පවසන ලෙස නො ව, අඥානයකු වශයෙනි. 18බොහෝ දෙනෙක් මාංසයට අනුව පාරට්ටු කර ගන්නා නිසා මමත් පාරට්ටු කර ගනිමි. 19මන්ද අඥානයින් ගැන ඔබ ප්‍රීතියෙන් ඉවසන්නේ ඔබ ප්‍රඥාවත් නිසයි! 20මන්ද යමකු ඔබ වහලකු කර ගත්තත්, යමකු ඔබ ගිල දැමුවත්, ඔබෙන් අයුතු ප්‍රයෝජන ගත්තත්, යමෙක් ඔබට අධිපතිකම් පෑවත්, ඔබට අතුල් පහර දුන්නත් ඔබ ඒ සියල්ල ම දරා ගනිති. 21මා මෙය කිය යුතු ය; එසේ කිරීමට අප හුඟක් දුර්වල වීම ගැන ලජ්ජා වෙමි.
එහෙත් යම් කෙනකු යම් දෙයක් ගැන පාරට්ටු කර ගැනීමට එඩිතර වේ ද, ඒ ගැන මටත් පාරට්ටු කර ගැනීමට හැකි වග මා කියන්නේ අඥානයකු ලෙස ය. 22ඔවුහු හෙබ්‍රෙව්වරු ද? මා ද එසේ ම ය; ඔවුහු ඉශ්රායෙල්වරු ද? මා ද එසේ ම ය; ඔවුහු ආබ්‍රහම්ගේ වංශය ද? මා ද එසේ ම ය. 23ඔවුහු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝ ද? ඊට වැඩියෙන් මා එබන්දෙකැයි උමතු වූවකු සේ කියමි. ඒ වඩාත් වෙහෙසී වැඩ කිරීමෙනි; වඩ වඩා සිරගත කරනු ලැබීමෙනි; ගණන් නැතිව පහර කෑම් ලැබීමෙනි; බොහෝ වර මරු කටට ළං වීමෙනි. 24පස් වතාවක් යුදෙව්වරුන් අතින් තිස්නව කස පහර ලදිමි. 25තුන් වතාවක් කෝටු මස් කරනු ලදිමි. වතාවක් ගල් ගසනු ලැබීමි. තුන් වතාවක් නැව් මුහුදුබත් වීම්වලට ගොදුරු ව, දහවලක් හා රැයක් මුහුදේ පාවෙවී සිටියෙමි. 26නිතර ගමනේ යෙදීමේදී ගංගා අනතුරු, මංකොල්ල අනතුරු, මගේ ම රට වැසියන්ගෙන් වූ අනතුරු හා අන් ජාතීන්ගෙන් වූ අනතුරු, නගරයේ අනතුරු, පාළුකරයේ අනතුරු, මුහුදු අනතුරු හා බොරු සහෝදරයින්ගෙන් වූ අනතුරුවලට මුහුණ පෑවෙමි. 27වෙහෙසීම් හා අපහසුතා ද අනේක රෑ නිදිවැරීම් ද සාගින්නෙන් හා පිපාසයෙන් ද බොහෝ විට ආහාර නොමැතිව ද ශීතලෙන් හා ඇඳුම් නොමැතිව ද සිට ඇත්තෙමි. 28මේ දෑ හැර, හැම සභාවක් කෙරේ වූ මගේ කනස්සල්ලේ පීඩනය ද දිනපතා මා සමඟ විය. 29යමෙක් දුර්වල නම්, ඒ දුර්වලකම මට නො දැනේ ද? යමෙක් වැටී ගියේ නම්, මම සංවේගී නො වෙම් ද?
30මා පාරට්ටු කර ගත යුතු නම්, මගේ දුර්වලකම් පෙනෙන දෑ ගැන පාරට්ටු කර ගනිමි. 31මා බොරු නො කියන බැව් යේසුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන්වහන්සේ හා දෙවියන්වහන්සේත් වන සදහට ම ප්‍රශංසනීය තැනැන්වහන්සේ දන්නා සේක. 32දමස්කයේදී අරෙතස් රජු යටතේ වූ ආණ්ඩුකාරයා මා සිරබාරයට ගන්නා පිණිස පුරවරය පුරා මුර යොදා තිබිණ. 33එහෙත් පුර පවුරේ කපොල්ලක් තුළින් කූඩයක බැස පහතට බානු ලැබ, ඔහු අතින් ගැලවී ගියෙමි.
Currently Selected:
2 කොරින්ති 11: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: