2 කොරින්ති 11:1-4
2 කොරින්ති 11:1-4 SCV
මගේ සුළු අනුවණකමක් ඔබ ඉවසනවාට කැමැත්තෙමි. මා ගැන ඉවසා සිටින්න; නො ඉඳුල් කන්‍යාවියක සේ ඔබ එක ම පුරුෂයකුට එනම් ක්‍රිස්තුස්වහන්සේට විවාහ කර දීමට මා ගිවිස ඇති බැවින්, ඔබ ගැන දිව්‍යමය ඊර්ෂ්‍යාවකින් මම පෙළෙමි. එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි. මන්ද යමකු ඔබ වෙත අවුත්, අප ප්‍රකාශ කළ තැනැත්තාණන් හැර, වෙනත් යේසුස් කෙනකු ප්‍රකාශ කළහොත් හෝ ඔබ ලැබූ ආත්මයාණන්ට වෙනස් වූ ආත්මයක් ලැබුවහොත් හෝ ඔබ පිළිගත් ශුභාරංචියට වෙනස් එකක් පිළිගතහොත් හෝ ඔබ කැමැත්තෙන් එය ඉවසීම හොඳ ය!





