YouVersion Logo
Search Icon

2 ලේකම් 6:18-21

2 ලේකම් 6:18-21 SCV

“එහෙත් දෙවියන්වහන්සේ සැබවින් ම පොළොවේ මනුෂ්‍යයන් සමඟ වාසය කරන සේක් ද? බලන්න! ස්වර්ගයට, ඉහළ ම ස්වර්ගයට පවා ඔබ දරා සිටින්නට නො හැකි කොට මා ඉදි කළ මේ ගෘහය ඊට වඩා කොපමණ මදි ද? එහෙත් ඔබගේ සේවකයාගේ යාච්ඤාවට, ඔහු කරන අයැදුමට සිත යොමු කළ මැනව. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ අබියස ඔබේ සේවකයා මොර ගසමින්, යදිමින් කරන යාච්ඤාව ඇසුව මැනව. ඔබගේ නාමය තැබීමට ඔබවහන්සේ පොරොන්දු වූ ස්ථානය වන මේ ගෘහය දෙසට රැයේත්, දවාලේත් ඔබගේ දෙනෙත් විවර ව තිබේවා! ඔබගේ සේවකයා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. ඔබගේ සේවකයා ද ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ද මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කරන කල, ඔවුන්ගේ අයැදුම් ඇසුව මැනව. ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව. අසා, කමා වුව මැනව

Video for 2 ලේකම් 6:18-21

Free Reading Plans and Devotionals related to 2 ලේකම් 6:18-21