2 ලේකම් 4
4
දේව මාලිග භාණ්ඩ
1ඔහු ලෝකඩ පූජාසනයක්, රියන් විස්සක්#4:1 මීටර් 9ක් පමණ. දිගින්, රියන් විස්සක් පළලින් හා රියන් දහයක්#4:1 මීටර් 4.5ක් පමණ. උසින් සෑදී ය. 2ඔහු වාත්තු ලෝහයෙන් මුහුදු තටාකය සෑදී ය. වටකුරු හැඩයට සෑදූ එහි ගැටියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා රියන් දහයකි. රියන් පහක්#4:2 මීටර් 2.3ක් පමණ. උස වූ එහි පරිධිය රියන් තිහකි#4:2 මීටර් 14ක් පමණ.. 3එහි ගැටිය යට වටේට ම රියනකට කැකිරි ගෙඩි#4:3 කැකිරි ගෙඩි හෙබ්‍රෙව් ගව රූප මෙම පදයේ දෙවතාවක් සඳහන් වේ. දහයක් බැගින් විය. කැකිරි ගෙඩි මුහුදු තටාකය සමඟ ම දෙපේළියකට තනි වාත්තුවෙන් නිම කෙරිණි.
4මුහුදු තටාකය, ගව රූප දොළොසක් මත පිහිටිණ. තිදෙනෙක් උතුරු දෙසට ද තිදෙනෙක් බටහිර දෙසට ද තිදෙනෙක් දකුණු දෙසට ද තිදෙනෙක් නැගෙනහිර දෙසට ද මූණ ලා සිටියහ. මුහුදු තටාකය උන් පිට තිබිණ. උන්ගේ පසු ගාත් ඇතුළු පැත්තට පිහිටා තිබිණ. 5එහි ගනකම අත්ලකි#4:5 සෙන්ටිමීටර් 7.5ක් පමණ.. එහි ගැටිය කුසලාන් ගැටියක මෙන් මානෙල් මලක හැඩාකාර විය. එහි බාත් තුන්දහසක්#4:5 ලීටර් 66,000ක් පමණ. අල්ලයි.
6ඉන්පසු ඔහු සේදීම් පිණිස භාජන දහයක් ද සාදා, පහක් දකුණු පැත්තේ ද පහක් වම් පැත්තේ ද තැබී ය. ඒවා, දවන යාග පූජා සඳහා භාවිත කළ දෑ සේදීමට ය. එහෙත් මුහුදු තටාකය පූජකයින්ගේ සේදීම පිණිස ය.
7ඔහු රන් පහන් රුක් දහයක් නිර්දේශිත පරිදි සාදා, දේව මාලිගය තුළ දකුණු පැත්තේ පහක් ද වම් පැත්තේ පහක් ද තැබී ය.
8ඔහු මේස දහයක් ද සාදා, දේව මාලිගයේ දකුණු පැත්තේ පහක් ද වම් පැත්තේ පහක් ද තැබී ය. ඔහු රන් පාත්‍ර සියයක් ද සෑදී ය.
9පූජකයින්ගේ මළුව ද මහ මළුව ද මළුවේ දොරවල් ද සෑදූ ඔහු ඒ දොරවල් ලෝකඩින් වැසුවේ ය. 10ඔහු මුහුදු තටාකය ගෘහයේ දකුණු පැත්තේ, ගිනිකොන කෙළවරේ පිහිටුවී ය.
11හූරාම් හැළි, හැඳි හා පාත්‍ර ද සෑදී ය.
තවද හූරාම්, දෙවියන්වහන්සේගේ ගෘහයෙහි, සාලමොන් රජු උදෙසා කළ වැඩය නිම කළේ ය:
12කුලුනු දෙක;
පාත්‍ර, කුලුනු මුදුන් පිට වූ පේකඩ දෙක;
කුලුනු මුදුන් පිට වූ පේකඩවල පාත්‍ර දෙක ආවරණ කරන දැල් වැඩ යුගල,
13දැල් වැඩ දෙක සඳහා දෙළුම් ගෙඩි හාරසියයක්; කුලුනු මුදුන් පිට තිබූ පේකඩවල පාත්‍ර දෙක ආවරණ කරන එක් දැල් වැඩකට දෙළුම් ගෙඩි පේළි දෙක බැගින්.
14ඔහු සිටුවන-තට්ටු හා සිටුවන-තට්ටු මත බේසම්;
15මුහුදු තටාකය හා ඊට යටින් ගව රූප දොළොස සෑදී ය.
16හැළි, හැඳි, මස් කොකු හා ඒවාට අදාළ සියලු උපකරණ.
සාලමොන් රජු වෙනුවෙන්, ස්වාමින්වහන්සේගේ ගෘහය සඳහා හූරාම්-ආබි සියලු භාණ්ඩ සෑදුවේ ඔප දැමූ ලෝකඩවලිනි. 17රජු මේ භාණ්ඩ වාත්තු කරවූයේ යොර්දාන් මිටියාවතේ සුක්කොත් හා සරෙදාතා අතර මැටි බිමේ ය. 18සාලමොන් මේ සියලු දෑ සෑදුවේ ය. ඒවායේ ලෝකඩවල බර කොතෙක්දැයි නිගමන කළ නො හැකි තරමට අති මහත් ගණනක් විය.
19සාලමොන්, දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇති භාණ්ඩ සියල්ල ද සෑදී ය:
රන් පූජාසනය;
දේවාභිමුඛ රොටි තබන මේස;
20නියමිත පරිදි ඇතුළු ශුද්ධස්ථානය ඉදිරිපිට දල්වන පිණිස පවිත්‍ර රනින් සෑදූ පහන් රුක් හා ඒවායේ පහන්;
21අමිශ්‍ර තනි රනින් මල්, පහන් හා අඬු;
22පවිත්‍ර රනින් කළ පහන් තිර කපන කතුරු, පාත්‍ර, දීසි හා දුම් භාජන; දේව මාලිගයේ පිවිසුම; දොරවල්: අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් හා ප්‍රධාන ශාලාවේ දොරවල් ද රත්තරනින් විය.
Currently Selected:
2 ලේකම් 4: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: