2 ලේකම් 36
36
1දේශයේ ජනයා යොෂීයාගේ පුත් යෙහෝවාහාස් ගෙන යෙරුසලමේ ඔහුගේ පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහු රජකමට පත් කළහ.
යූදාහි යෙහෝවාහාස් රජ
2යෙහෝවාහාස් විසිතුන් වියේදී රජ වී, යෙරුසලමෙහි තුන් මසක් රජකම් කළේ ය. 3ඉන්පසු ඊජිප්තු රජු, යෙරුසලමේ ඔහු නිලයෙන් පහ කොට, රිදී තලෙන්ත සියයක#36:3 මෙට්‍රික් ටොන් 3.4ක් පමණ. හා රන් තලෙන්තයක#36:3 කිලෝග්‍රෑම් 34ක් පමණ. දඩයක් දේශය පිට පැටවී ය. 4ඔහුගේ සහෝදර එලියාකීම් යූදාහි හා යෙරුසලමෙහි රජ බවට පත් කළ ඊජිප්තු රජු, ඔහුගේ නම යෙහෝයාකීම් යනුවෙන් වෙනස් කළේ ය. එහෙත් නෙකො ඔහුගේ සහෝදර යෙහෝවාහාස් තමා සමඟ ඊජිප්තුවට ගෙන ගියේ ය.
යූදාහි යෙහෝයාකීම් රජ
5යෙහෝයාකීම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය; ඔහු යෙරුසලමෙහි වසර එකොළහක් රජකම් කළේ ය. ඔහු තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය. 6ඔහුට එරෙහිව පැමිණි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්, ඔහු බබිලෝනියට ගෙන යන පිණිස ඔහුට විලංගු දැමී ය. 7තවද, නෙබුකද්නෙසර් ස්වාමින්වහන්සේගේ ගෘහයේ වූ ඇතැම් භාජන ගෙන ගොස්, බබිලෝනියේ ඔහුගේ මාලිගයේ තැබී ය.
8යෙහෝයාකීම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ පිළිකුල්කම් ද ඔහුට එරෙහිව හමු වූ දෑ ද ඉශ්‍රායෙල් හා යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. ඔහු වෙනුවට ඔහුගේ පුත් යෙහෝයාකීන් රජකමට පත් විය.
යූදාහි යෙහෝයාකීන් රජ
9යෙහෝයාකීන් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු අටක්#36:9 අටක් ග්‍රීක් පිටපත්වල දහඅට විය. ඔහු යෙරුසලමෙහි තුන් මසකුත් දවස් දහයක් රජකම් කළේ ය. ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දෑ කළේ ය. 10වසරේ වසන්තයේදී නෙබුකද්නෙසර් රජු මිනිසුන් යවා, ස්වාමින්වහන්සේගේ ගෘහයේ වූ වටිනා භාජන ද සමඟින් ඔහු බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර සෙදෙකියා යූදාහි හා යෙරුසලමෙහි රජකමට පත් කළේ ය.
යූදාහි සෙදෙකියා රජ
11සෙදෙකියා රජකමට පත් වන කල, විසිඑක් වන වියැති ය. ඔහු යෙරුසලමෙහි වසර එකොළහක් රජකම් කළේ ය. 12ඔහු තම දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. ස්වාමින්වහන්සේගේ මුවින් කතා කළ දිවැසිවර යෙරමියා ඉදිරියේ ඔහු තමා යටහත් කර ගත්තේ නැත. 13දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔහුට දිවුරන්නට සැලසූ නෙබුකද්නෙසර් රජුට එරෙහිව ද ඔහු කැරලි ගැසුවේ ය. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත හැරීමට එරෙහිව ඔහු මුරණ්ඩු ව, හද දැඩි කර ගත්තේ ය. 14සියලු ප්‍රධාන පූජකයෝ සහ ජනතාව ද අනෙක් ජාතීන්ගේ පිළිකුල්කම් අනුගමන කිරීමෙන් අතිශයෙන් අවිශ්වාසවන්ත වූවෝ ය. උන්වහන්සේ විසින් යෙරුසලමෙහි පවිත්‍ර කරන ලද ස්වාමින්වහන්සේගේ ගෘහය ද ඔවුහු දූෂ්‍ය කළහ.
යෙරුසලමේ වැටීම
15ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ නොකඩව ම ඔවුන් වෙත තම පණිවුඩකරුවන් යැවූ සේක. මන්ද උන්වහන්සේ තම ජනයාටත්, තම වාසස්ථානයටත් අනුකම්පා කළ සේක. 16එහෙත් ඔවුන් දෙවියන්වහන්සේගේ පණිවුඩකරුවනට සමච්චල් කළේ උන්වහන්සේගේ වචන ගර්හා කරමිනි. උන්වහන්සේගේ දිවැසිවරුනට ගරහමිනි. ස්වාමින්වහන්සේගේ උදහස උන්වහන්සේගේ ජනයාට එරෙහිව ඒ සා දැඩිවන තෙක් හා ඊට පිළියමක් නැති වන තෙක් ම එසේ සිදු විය. 17එබැවින් උන්වහන්සේ ඔවුනට එරෙහිව කල්දිවරුන්ගේ රජු ගෙනා සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානය තුළ ඔවුන්ගේ තරුණයින් කඩුවෙන් මැරී ය. තරුණයකුට හෝ තරුණියකට හෝ මහලු හෝ බෙලහීන හෝ කිසිවකුට ඔහු අනුකම්පා කළේ නැත. උන්වහන්සේ ඔහුගේ අත්වලට ඒ සියල්ලන් දුන් සේක. 18දෙවියන්වහන්සේගේ ගෘහයේ වූ ලොකු, කුඩා සියලු භාජන ද ස්වාමින්වහන්සේගේ ගෘහයේ වූ වස්තුව ද රජුගේ හා ඔහුගේ නිලධාරීන්ගේ වස්තුව ද යන මේ සියල්ල ඔහු බබිලෝනියට රැගෙන ගියේ ය. 19ඔවුහු දෙවියන්වහන්සේගේ ගෘහය ගිනි ලා, යෙරුසලම් පවුර බිඳ හෙළා, එහි සියලු මාලිගා ගින්නෙන් පිලිස්සූහ. එහි වූ හැම අගනා භාණ්ඩයක් ම විනාශ කළහ.
20කඩුවෙන් බේරී දිවි ගලවාගත්තවුන් ඔහු පිටුවහල් කොට බබිලෝනියට ගෙන ගියේ ය. පර්සියා රාජධානිය පිහිටු වන තෙක් ඔවුහු ඔහුටත්, ඔහුගේ පුත්‍රයින්ටත් සේවකයින් බවට පත් වූහ. 21ඒ, දේශය එහි සබත් විවේකය භුක්ති විඳ නිම වන තෙක්, යෙරමියාගේ මුවින් කතා කළ ස්වාමින්වහන්සේගේ වචනය ඉටු වීමට ය. වසර හැත්තෑව සම්පූර්ණ වීමට පාළුවට යැවුණු ඒ සියලු දවස්හි එහි සබත් පැවතිණ.
22පර්සියාවේ රජු වූ කෝරෙෂ්ගේ පළමු වසරේ, යෙරමියාගේ මුවින් පවසන ලද ස්වාමින්වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ඔහුගේ රාජ්‍යය පුරා නිවේදනයක් නිකුත් කරන්නටත්, එය ලිඛිත ව ප්‍රකාශයට පත් කරන්නටත් ස්වාමින්වහන්සේ පර්සියාවේ කෝරෙෂ්#36:22 කෝරෙෂ් ග්‍රීක් කුරොස් හෙවත් සයිරස් රජුගේ හදවත පෙලඹ වූ සේක.
23“පර්සියාවේ රජු වූ කෝරෙෂ් මෙසේ පවසයි:
“ ‘ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මිහි පිට සියලු රාජ්‍යයන් මට පවරා දී, යූදාහි යෙරුසලමේ උන්වහන්සේට ගෘහයක් තනන්නට මට නියම කර තිබේ. උන්වහන්සේගේ ජනයාගෙන් යම් කෙනෙක් ඔබ අතරේ වේ ද, ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔහු සමඟ වේවා! ඔහු එහි පිටත් ව යත්වා!’ ”
Currently Selected:
2 ලේකම් 36: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: