2 ලේකම් 17:1-6
2 ලේකම් 17:1-6 SCV
ඔහුගෙන් පසු ඔහුගේ පුත් යෙහෝෂාෆාට් රජකමට පත් විය. ඔහු ඉශ්‍රායෙල්ට එරෙහිව තමා ශක්තිමත් කර ගත්තේ ය. ඔහු යූදාහි සියලු බළකොටු පුරවරවල සෙබළුන් ස්ථානගත කර, යූදාහි ද තම පියා වූ ආසා අල්ලා ගත් එප්‍රායිම් නගරවල ද නගර ආරක්ෂක සේනාංක සිටුවී ය. ස්වාමින්වහන්සේ, යෙහෝෂාෆාට් සමඟ වූ සේක. මන්ද ඔහු තමාගේ පියා වූ දාවිත් මුල් කාලවලදී අනුගමන කර තිබූ මාර්ගවල පැවතුණු බැවිනි. ඔහු බාල් දෙවිවරුන්ගෙන් විමසන්නට ගියේ නැත. ඉශ්‍රායෙල්ගේ ක්‍රියාවන් අනුව නො ගිය ඔහු තම පියාගේ දෙවියන්වහන්සේ සෙවී ය. උන්වහන්සේගේ ආඥා අනුගමන කළේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ අතේ රාජ්‍යය තහවුරු කළ සේක; සියලු යූදාවරු යෙහෝෂාෆාට් වෙත තෑගි ගෙන ආහ. එසේ බොහෝ වස්තුව ද ගෞරවය ද ඔහු සතුවිය. ඔහුගේ හදවත ස්වාමින්වහන්සේගේ මාර්ගවල ධෛර්යවත් විය. තවදුරටත් ඔහු උස් තැන් පූජාසන හා අෂේරා කණු යූදා වෙතින් ඉවත් කළේ ය.



