YouVersion Logo
Search Icon

2 ලේකම් 15:3-6

2 ලේකම් 15:3-6 SCV

මන්ද ඉශ්‍රායෙල්වරු දිගු කලක් සැබෑ දෙවියන්වහන්සේ නැතුව, උගන්වන්නට පූජකයකු නැතුව, ව්‍යවස්ථාව ද නැතුව සිටියහ. එහෙත් ඔවුහු තම විපතේදී ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත හැරී, උන්වහන්සේ සෙවූහ. උන්වහන්සේ ද ඔවුන්ට හමු වූ සේක. එකල්හි පිටතට ගිය කෙනාට හා ඇතුළට ආ කෙනාට සාමයක් නො විණ. මන්ද සියලු දේශ වාසීන් පිට මහත් පීඩා පැමිණියේ ය. එක් ජාතියක් විසින් තවත් ජාතියක් ද එක් පුරවරයක් විසින් තවත් පුරවරයක් ද පොඩිකර දැමිණ. මන්ද දෙවියන්වහන්සේ සියලු ආකාර විපත්වලින් ඔවුන් කැලඹූ සේක.

Video for 2 ලේකම් 15:3-6

Free Reading Plans and Devotionals related to 2 ලේකම් 15:3-6