YouVersion Logo
Search Icon

1 තිමෝති 6:17-21

1 තිමෝති 6:17-21 SCV

මේ වත්මන් ලෝකයේ ධනවත් ව සිටින්නන්ට උඩඟු නො වන ලෙසත්, ඒ සා අස්ථිර ධනය කෙරේ බලාපොරොත්තු නො තබා, භුක්ති විඳින පිණිස අපට හැම දේ ම බහුල ව සපයා දෙන දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබන ලෙසත් අණ කරන්න. ඔවුන් හොඳ දේ කළ යුතු ව ඇත; සත් ක්‍රියාවලින් පොහොසත් ව, ත්‍යාගශීලී ව හා බෙදා හදා ගත යුතු ව ඇත. මෙසේ, අනාගතය උදෙසා හොඳ අත්තිවාරමක් වශයෙන් ඔවුන් තමන්ට වස්තුවක් රැස් කර ගනු ඇත්තේ සැබෑ ජීවනය අත්පත් කර ගනු පිණිස ය. එම්බා තිමෝති, ඔබට බාර දී ඇති දෑ රැක ගන්න; හිස් දෙඩවිල්ලෙන් හා දැනුම යැයි බොරුවෙන් හඳුන්වන පරස්පර-විරෝධී අදහස්වලින් ද වළකින්න. එසේ ප්‍රකාශ කළ ඇතැම්හු ඇදහිල්ලෙන් මුළාව ගියහ.

Free Reading Plans and Devotionals related to 1 තිමෝති 6:17-21