1 තිමෝති 3
3
සභා නායකයින් හා උපස්ථායකයින් ගැන
1යමකු, සභාවේ නායක තනතුර දැරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු ශ්‍රේෂ්ඨ කාරියකට ආශා වන්නේ ය යන්න විශ්වසනීය කියමනකි. 2එබැවින් නායකයා දොසක් දැකිය නො හැකි, එක භාර්යාවකට ස්වාමිපුරුෂයා වූ, පමණ දැන කටයුතු කරන, සංයමයෙන් යුතු, ගරු කටයුතු වූ, ආගන්තුක සත්කාරයට ලැදි, ඉගැන්වීමෙහි සමත් අයකු විය යුතු ය. 3ඔහු, බේබද්දකු නො වූ, බලහත්කාරයෙන් තොර, මෘදුගුණැති, කලහකරුවකු නො වූ, මුදලට කෑදර නැති කෙනකු විය යුතු ය. 4ඔහු තමාගේ පවුල මැනවින් හසුරුවා ගන්නා වූ, ගරුත්වය ආරක්ෂා කර ගනිමින්, තම දරුවන් තමාට අවනත කර ගන්නා කෙනකු විය යුතු ය. 5තමාගේ පවුල හසුරුවා ගන්නට නො දන්නා කෙනකු දෙවියන්වහන්සේගේ සභාව රැක බලා ගන්නේ කෙසේ ද? 6ඔහු අලුත් ඇදහිලිවන්තයකු නො විය යුතු ය. නැතහොත් ඇතැම් විට ඔහු මානයෙන් උදම් වී, යක්ෂයා ලද දඬුවමට ම පත් විය හැකි බැවිනි. 7තවද ඔහු අපකීර්තියට හා යක්ෂයාගේ උගුලට හසු නො වන පිණිස, පිටස්තර අයගෙන් හොඳ නමක් දිනා ගත්තකු විය යුතු ය.
8එසේ ම, උපස්ථායකයින් ද ගරුත්වයෙන් යුත්, දිව දෙකේ කතා නැති, බොහෝ මිදි යුෂවලට ඇලුම් නො වූ, අයුතු ලාභයට ගිජු නො වූවන් විය යුතු ය. 9ඔවුන් ඇදහිල්ලේ අබිරහස පිරිසිදු හෘදය සාක්ෂියකින් දරා සිටිය යුතු ය. 10පළමු කොට ඔවුන් සෝදිසි කිරීමකට පාත්‍ර විය යුතු ය. ඉන්පසු ඔවුහු දෝෂ රහිත නම්, උපස්ථායකයින් ලෙස සේවය කරත්වා.
11ස්ත්‍රීන් ද එලෙස, ගරුත්වයෙන් යුත්, අපහාස කතාකාරියන් නො වූ, පමණ දැන ක්‍රියා කරන, කවර කාරියකදී වුව විශ්වසනීය අය විය යුතු ය.
12උපස්ථායකයා එක භාර්යාවකට ස්වාමිපුරුෂයා ව, තම දරුවන් හා තම පවුල මැනවින් හසුරුවා ගනිත්වා. 13උපස්ථායකයින් වශයෙන් හොඳින් සේවය කරන්නන් තමන්ට ගරු තත්වයක් ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලේ මහත් නිසැකකමක් ද අත්කර ගනී.
භක්තික අබිරහස
14ඉක්මනින් ඔබ වෙත ඒමට මා බලාපොරොත්තු වන නමුදු, මෙම උපදෙස් මා ඔබට ලියා එවන්නේ, 15මා එන්නට ප්‍රමාද වුවහොත් ජීවමාන දෙවියන්වහන්සේගේ සභාව, සත්‍ය දරා සිටින කණුව හා අත්තිවාරම වන දෙවියන්වහන්සේගේ ගෘහ-පවුල තුළ ඔබ කෙසේ හැසිරිය යුතුදැයි වටහා ගන්නා පිණිසයි. 16අප ප්‍රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන් ම අති උතුම් ය:
උන්වහන්සේ මාංසයෙන් ප්‍රකාශ වූ සේක.
නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක.
දේව දූතයින් විසින් දක්නා ලද සේක.
ජාතීන් අතරේ ප්‍රකාශ කරනු ලැබූ සේක.
ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක.
තේජසට ඔසවනු ලැබූ සේක.
Currently Selected:
1 තිමෝති 3: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: