YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 5:10-15

1 තෙසලෝනික 5:10-15 SCV

අප පිබිද සිටියත්, නිදා සිටියත් ක්‍රිස්තුස්වහන්සේ හා එක් ව අප වෙසෙන පිණිස උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක. එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කර ගන්න. සහෝදරයිනි, ඔබ අතරේ සිටින, වෙහෙසී වැඩ කරන, ඔබට දැනමුතුකම් දෙන, ස්වාමින්වහන්සේ තුළ ඔබේ නායකයින්ට ගෞරව කරන්නැයි අපි ඔබෙන් ඉල්ලන්නෙමු. ඔවුන් කරන සේවය නිසා ප්‍රේමයෙන් යුතු ව ඔවුන් ඉතා උසස් කොට සලකන්න. එකිනෙකා හා සාමයෙන් ජීවත් වන්න. සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරිගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟ ම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක් ම ඉල්ලන්නෙමු. කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වග බලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න.

Verse Image for 1 තෙසලෝනික 5:10-15

1 තෙසලෝනික 5:10-15 - අප පිබිද සිටියත්, නිදා සිටියත් ක්‍රිස්තුස්වහන්සේ හා එක් ව අප වෙසෙන පිණිස උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක. එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කර ගන්න.

සහෝදරයිනි, ඔබ අතරේ සිටින, වෙහෙසී වැඩ කරන, ඔබට දැනමුතුකම් දෙන, ස්වාමින්වහන්සේ තුළ ඔබේ නායකයින්ට ගෞරව කරන්නැයි අපි ඔබෙන් ඉල්ලන්නෙමු. ඔවුන් කරන සේවය නිසා ප්‍රේමයෙන් යුතු ව ඔවුන් ඉතා උසස් කොට සලකන්න. එකිනෙකා හා සාමයෙන් ජීවත් වන්න. සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරිගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟ ම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක් ම ඉල්ලන්නෙමු. කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වග බලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න.

Free Reading Plans and Devotionals related to 1 තෙසලෝනික 5:10-15