YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 4:9-12

1 තෙසලෝනික 4:9-12 SCV

සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබ ම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි. සැබවින් ම ඔබ මකිදෝනියෙහි සමස්ත සහෝදරයිනට ප්‍රේම කරනවා වුව ද, වඩ වඩාත් එසේ කරන ලෙස අපි උදක් ම ඉල්ලන්නෙමු. අප ඔබට පැවසූ පරිදි නිසංසල ජීවිතයක් ගත කිරීමත්, තමන්ගේ වැඩ බලාගැනීමත්, ඔබේ ම දෑත වෙහෙසා වැඩ කිරීමත් ඔබේ අභිලාෂය කර ගන්න. එසේ වූ කල, ඔබගේ ජීවන රටාව, පිටස්තර අයගේ ගරුත්වය දිනාගනු ඇත. ඔබ අනුන්ගේ පිහිටෙන් යැපෙන්නකු ද නො වනු ඇත.