1 තෙසලෝනික 3:7-9
1 තෙසලෝනික 3:7-9 SCV
එබැවින් සහෝදරයිනි, සියලු ආපදා හා හිංසන මැදදීත් අපි, ඔබගේ ඇදහිල්ල නිසා ඔබගෙන් ධෛර්යය ලැබ සිටින්නෙමු. ස්වාමින්වහන්සේ තුළ ඔබ ස්ථිර ව පිහිටා සිටීම අපට සැබවින් ම ජීවනයයි. ඔබ නිසා අපගේ දෙවියන්වහන්සේ ඉදිරියේ අප ලද සකල ප්‍රීතිය නිමිත්තෙන් ඔබ ගැන කෙලෙස නම් අපි දෙවියන්වහන්සේට ස්තුති කරන්න ද?





