YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 2:13-20

1 තෙසලෝනික 2:13-20 SCV

අප වෙතින් ඔබ ඇසූ දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් කල, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙසින් නො වේ; අදහන්නා වූ ඔබ තුළ ක්‍රියා කරන, එහි සැබෑ ස්වභාවයට අනුව දෙවියන්වහන්සේගේ ම වචනය ලෙසිනි. ඒ ගැන ද නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු. සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත් ව ඇත්තේ එහි සභා, යුදෙව්වරුන්ගෙන් විඳි හිරිහැර ම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි. ඒ යුදෙව්වෝ යේසුස් ස්වාමින්වහන්සේත්, දිවැසිවරුනුත් මරා දමා, අපත් පලවා හළහ. ඔවුහු දෙවියන්වහන්සේ අමනාප කරවමින්, සියලු මිනිසුනට ද සතුරු ව ඇත්තේ, අන්‍ය-ජාතීන් ගැලවීම ලබන පිණිස ඔවුන්ට වචනය කතා කිරීමෙන් අප වැළැක්වීමෙනි. මේ අයුරින් ඔවුහු නිරතුරු තම පාප උපරිම සීමාව දක්වා ගොඩ ගසා ගනිති. අවසානයේදී දෙවියන්වහන්සේගේ උදහස ද ඔවුන් පිට වැටී ඇත. සහෝදරයිනි, සුළු කලකට සිතින් නො ව ගතින් ඔබ වෙතින් අප වෙන් කරනු ලැබ සිටියදී වුව, ඔබගේ මුහුණ දැකීමේ දැඩි ආශාවෙන් යුතු ව යළි ඔබ වෙත ඒමට අපි හැම උත්සාහයක් ම දැරීමු. ඔබ වෙත ඒමට අපට වුවමනා විණි. මම පාවුල්, ඔබ වෙත ඒමට යළි යළිත් උත්සාහ දැරීමි. එහෙත්, සාතන් අප වැළැක් වී ය. කෙසේ වෙතත්, යේසුස් අප ස්වාමින්වහන්සේ යළි පැමිණෙන කල, උන්වහන්සේ ඉදිරියේ අපගේ බලාපොරොත්තුව, අපගේ ප්‍රීතිය, අපගේ පාරට්ටුවේ කිරීටය කුමක් ද? ඔබ ම නො වේ ද? සැබවින් ම අපගේ ගෞරවයත්, අපගේ ප්‍රීතියත් ඔබ ම ය.