YouVersion Logo
Search Icon

1 තෙසලෝනික 2:13-14

1 තෙසලෝනික 2:13-14 SCV

අප වෙතින් ඔබ ඇසූ දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් කල, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙසින් නො වේ; අදහන්නා වූ ඔබ තුළ ක්‍රියා කරන, එහි සැබෑ ස්වභාවයට අනුව දෙවියන්වහන්සේගේ ම වචනය ලෙසිනි. ඒ ගැන ද නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු. සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත් ව ඇත්තේ එහි සභා, යුදෙව්වරුන්ගෙන් විඳි හිරිහැර ම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි.