1 සාමුවෙල් 29
29
පිලිස්තීන්ගේ විරෝධය
1පිලිස්තිවරු තම සමස්ත සේනා, අෆේක් පුරවර වෙත රැස් කළහ. ඉශ්රායෙල්වරු යෙස්රෙයෙල්හි දිය උල්පත අසල කඳවුරු ගැසූහ. 2පිලිස්ති අධිපතීහු තමන්ගේ සියයයේ හා දහසේ බළඇණි සමඟ යුද්ධ පෙළපාලියේ ගමන් ගනිද්දී, දාවිත් හා ඔහුගේ මිනිස්සු ද ආකීෂ් සමඟ පසුපසින් ගමන් ගත්හ. 3එවිට පිලිස්තීය සෙන්පතිවරු, “මේ හෙබ්රෙව්වන් මෙහි කුමක් කරනවා දැ?” යි ඇසූහ.
ආකීෂ් පිලිස්තීය සෙන්පතිවරුන්ට පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල් රජු වූ සාවුල්ගේ නිලධාරියකු ව සිටි දාවිත් නො වේ ද මොහු? දින අවුරුදු ගණන් ඔහු සිටින්නේ මා සමඟයි; ඔහු සාවුල් හැර ආ දවසේ පටන් මේ දක්වා ඔහුගේ කිසි වරදක් මට හමු වුණේ නැතැ” යි කීවේ ය.
4එහෙත් පිලිස්ති සෙන්පතිවරු ඔහු හා උරණ ව කතා කරමින්, “ඔබ ඔහුට පවරා දුන් ස්ථානයට ආපසු යන පිණිස, ඔහු හරවා යවන්න. ඔහු අප හා සමඟ යුද්ධයට නො යා යුතුයි. නැතහොත් සටන මැදදී ඔහු අපට සතුරු වනු ඇති. තම ස්වාමියාගේ ප්රසාදය යළි දිනා ගැනීමට අපේ ම මිනිසුන්ගේ හිස් ගෙන යෑමට වඩා ඔහුට කළ හැක්කේ වෙන කුමක් ද? 5ඔවුන් නට නටා ගී ගයමින්,
“ ‘සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්,
දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්’
යැයි කීවේ මේ දාවිත් ගැන නො වේ දැ?” යි
පැවසූහ.
6එබැවින් දාවිත්ට කතා කළ ආකීෂ්, “ස්වාමින්වහන්සේ ජීවත් වන්නා සේ ම, ඔබ විශ්වාසී ව සිටියා. මා සමඟ හමුදාව තුළ ඔබ සේවය කිරීම මගේ ප්රසන්නතාවයි. ඔබ මා වෙත ආ දවසේ පටන් මේ දක්වා ඔබේ කිසි අවැඩක් මා දුටුවේ නෑ. එහෙත් මේ අධිපතීන් ඔබට අනුමැතිය දෙන්නේ නැහැ. 7එබැවින් ආපසු හැරී, සාමයෙන් යන්න. පිලිස්ති අධිපතීන් අමනාප කරවන කිසිවක් නො කරන්නැ” යි කීවේ ය.
8එවිට ආකීෂ් ඇමතූ දාවිත්, “එනමුත් මොනවද මා කළේ? මා මෙහි ආ දා පටන් මේ දක්වා ඔබේ සේවකයාට එරෙහිව කුමන වරදක් ඔබට හමු වුණා ද? මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ගේ සතුරන්ට එරෙහිව සටනට යෑමට මට බැරි මන්දැ?” යි ඇසී ය.
9ආකීෂ්, දාවිත්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ දූතයකු සේ ඔබ මගේ ඇසට ප්රිය ව සිටි වග මා දන්නවා. එනමුත් පිලිස්ති සෙන්පතිවරු කියා සිටින්නේ, ‘අප සමඟ ඔහු යුද්ධයට නො යා යුතු ය’ කියායි. 10එබැවින් ඔබ සමඟ පැමිණි ඔබේ ස්වාමියාගේ සේවකයින් සමඟ හෙට අලුයමින් නැගිට, එළිය වැටුණු විගස පිටත් ව යන්නැ” යි කීවේ ය.
11එබැවින් දාවිත් හා ඔහුගේ මිනිස්සු අරුණ උදයෙන් පිලිස්ති දේශයට ආපසු යන පිණිස, නැගිට්ටහ. එහෙත් පිලිස්තිවරු යෙස්රෙයෙල් බලා ගියහ.
Currently Selected:
1 සාමුවෙල් 29: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: