1 සාමුවෙල් 23
23
දාවිත් කෙයීලාහි දී
1ඉන් ඉක්බිති, “අන්න! පිලිස්තිවරු කෙයීලා පුරයට එරෙහිව සටන් වැද, කමත් කොල්ල කති” යි ඔවුහු දාවිත්ට පැවසූහ. 2එවිට දාවිත් ස්වාමින්වහන්සේගෙන් විමසමින්, “මා ගොස්, මේ පිලිස්තීන්ට පහර දෙන්න දැ?” යි ඇසී ය.
ස්වාමින්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක්, “යන්න, පිලිස්තීන්ට පහර දී, කෙයීලා මුදා ගන්නැ” යි කී සේක.
3එහෙත් දාවිත්ගේ මිනිස්සු ඔහු අමතමින්, “බලන්න, මෙහි යූදාහි අප ඉන්නේ භයින්. පිලිස්ති හමුදාවලට එරෙහිව අප කෙයීලාවට ගියහොත්, එය කොතරම් මහත් භයක් වනු ඇද්දැ?” යි කීහ.
4දාවිත් යළිත් ස්වාමින්වහන්සේගෙන් විමසී ය. ස්වාමින්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “නැගිට, කෙයීලාවට යන්න. මන්ද මම පිලිස්තිවරුන් ඔබේ අතට යටත් කර දෙන්නෙමි” යි පැවසූ සේක. 5එබැවින් දාවිත් හා ඔහුගේ මිනිස්සු කෙයීලා වෙත ගොස්, පිලිස්තිවරුන් හා සටන් කොට, ඔවුන්ගේ සත්ව සම්පත් රැගෙන ගියහ. ඔහු පිලිස්තිවරුනට බරපතළ හානි පමුණුවා, කෙයීලාවාසීන් මුදා ගත්තේ ය. 6අහිමෙලෙක්ගේ පුත් අබියාතර් කෙයීලාවට දාවිත් වෙත පලා ගිය කල්හි ඔහු තමා සමඟ ඒපොද් සැට්ටයක් ද ගෙන ගොස් තිබිණි.
සාවුල්, දාවිත් ලුහුබැඳීම
7දාවිත් කෙයීලාවට පැමිණ ඇතැයි සාවුල්ට දන්වනු ලැබිණි. එවිට සාවුල්, “දෙවියන්වහන්සේ මගේ අතට ඔහු බාර දී ඇත. මන්ද දාවිත් දොරටු හා අගුල් ඇති නගරයකට ඇතුළුවීමෙන්, කොටු වී සිටිතැ” යි කීවේ ය. 8සාවුල් දාවිත් සහ ඔහුගේ මිනිසුන් වටලනු පිණිස, කෙයීලාවට බැස යෑමට තම සියලු ජනයින් යුද්ධයට කැඳවී ය.
9තමාට එරෙහිව සාවුල් කුමන්ත්රණ කරන වග දැනගත් දාවිත්, අබියාතර් පූජකයාට කතා කොට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ” යි කීවේ ය. 10දාවිත් යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්ස, සාවුල් කෙයීලාවට අවුත්, මා නිසා පුරවරය ම විනාශ කර දමන්නට නියතව ම සැරසෙතැයි ඔබගේ සේවක මට අසන්නට ලැබිණි. 11කෙයීලා පුරවාසීන් ඔහු අතට මා පාවා දේ ද? ඔබගේ සේවකයා අසා ඇති පරිදි, සාවුල් මෙහි ඒ ද? අහෝ ස්වාමින්වහන්ස, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබගේ සේවකයාට කිව මැනව” යි පැවසී ය.
“ඔහු එනු ඇතැ” යි ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක.
12දාවිත් යළි ප්රශ්න කරමින්, “කෙයීලා පුරවාසීන් සාවුල් අතට මා හා මගේ මිනිසුන් පාවා දේ දැ?” යි ඇසී ය.
“ඔවුන් එසේ කරනු ඇතැ” යි ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක.
13එබැවින් දාවිත් ද ගණනින් හයසියයක් පමණ වූ ඔහුගේ මිනිස්සු ද කෙයීලා වෙතින් නික්ම, යා හැකි තැන්වලට තැනින් තැන යන්නට වන්හ. දාවිත් කෙයීලා වෙතින් පලාගොසිනැයි සාවුල්ට දන්වන ලදින් එහි යෑම ඔහු අත්හළේ ය.
14දාවිත්, පාළුකර බළකොටුවල ද සීෆ් කාන්තාරයේ කඳුවල ද කල් යැවී ය. සාවුල් දවස්පතා ඔහු සෙවී ය. එහෙත් දෙවියන්වහන්සේ ඔහුගේ අතට දාවිත් හසුකර දුන්නේ නැත.
15දාවිත් සීෆ් කාන්තාරයේ හොර්ෂාහි සිටියදී, ඔහුගේ ජීවිතය නැති කරන්නට සාවුල් පැමිණ ඇති වග ඔහුට දැනගන්නට ලැබිණ#23:15 හෙවත් පැමිණ ඇති නිසා ඔහු බය විය.. 16සාවුල්ගේ පුත් යොනාතාන්, හොර්ෂාහි දාවිත් හමුවට ගොස්, දෙවියන්වහන්සේ තුළ දිරි වඩවා ගන්නට ඔහුට උපකාර කළේ ය. 17ඔහු දාවිත් අමතමින්, “බය වෙන්න එපා. මගේ පියා වන සාවුල්ගේ අතට ඔබ හසු වන්නේ නැහැ. ඔබ ඉශ්රායෙල්හි රජ වනු ඇත. මම ඔබට දෙවැනි වන්නෙමි. මගේ පියා සාවුල් ද එය දනී” යි කීවේ ය. 18ඉන්පසු ඔවුන් දෙදෙනා ස්වාමින්වහන්සේ අබියස ගිවිසුමක් කර ගත්හ. පසුව යොනාතාන් තම නිවසට ගිය අතර, දාවිත් හොර්ෂාහි නැවතුණේ ය.
19සීෆීවරු ගිබෙයාහි සාවුල් වෙත ගියාහු, ඔහු අමතමින්, “දාවිත් අප අතරේ යෙෂීමොන්ට දකුණින් පිහිටි හකීලා කන්දේ හොර්ෂාහි බළකොටුවල සැඟවී සිටිනවා නො වේ ද? 20එබැවින් දැන් රජතුමනි, එහි එන්න. ඔබ කැමති කවර විටෙක වුව එන්න. රජතුමාට ඔහු අල්ලාදීම අපේ වැඩකැ” යි කීවාහු ය.
21සාවුල් පිළිතුරු දෙමින්, “මට දක්වන සැලකිල්ල ගැන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා! 22ගොසින්, තවදුරටත් සොයා බලන්න. ඔහු යන්නේ කොහේ ද, එහිදී කවුරු ඔහු දුටුවේ ද යන්න සොයා බලන්න. ඔහු උපායෙහි අති දක්ෂයකු වග මට අසන්නට ලැබිණ. 23ඔහු සැඟවෙන සියලු තැන් ගැන සොයාගන්න. මෙසේ නියත තොරතුරු දැන, මා වෙත එන්න. එවිට මම ඔබ සමඟ යන්නෙමි. ඔහු ඒ පළාතේ සිටී නම්, යූදාගේ දහස් ගණන් අතුරින් මම ඔහු සොයා, අල්ලා ගන්නෙමි” යි පැවසී ය.
24එබැවින් ඔවුහු පිටත් ව, සාවුල්ට කලින් සීෆ් වෙත ගියහ. මේ අතර දාවිත් හා ඔහුගේ මිනිස්සු යෙෂීමොන්ට දකුණින් පිහිටි අරාබාහි මාවොන් කාන්තාරයේ වූහ. 25සාවුල් හා ඔහුගේ මිනිස්සු දාවිත් සෙවීම ඇරඹූහ. දාවිත්ට ඒ වග දන්වනු ලැබූ කල, ඔහු පර්වතය වෙත පහළට අවුත්, මාවොන් කාන්තාරයට වී සිටියේ ය. සාවුල් එය ඇසූ කල, දාවිත් ලුහුබඳිමින්, මාවොන් කාන්තාරයට ගියේ ය.
26සාවුල් කන්දේ එක් පැත්තක් ඔස්සේ යමින් සිටියදී දාවිත් සහ ඔහුගේ මිනිස්සු කන්දේ අනෙක් පැත්තේ වූහ. දාවිත්, සාවුල් වෙතින් වහ වහා ඉවත් වූයේ, දාවිත් හා ඔහුගේ මිනිසුන් අල්ලා ගැනීමට සාවුල් ද ඔහුගේ හමුදාව ද ළං ළං ව එද්දී ය. 27එකල සාවුල් වෙත පැමිණි පණිවුඩකරුවෙක්, “එන්න! ඉක්මන් කරන්න. පිලිස්තිවරු දේශය ආක්රමණ කරති” යි පැවසී ය. 28එවිට දාවිත් ලුහුබැඳීම අත්හැර දැමූ සාවුල්, පිලිස්තිවරුන්ට එරෙහිව ගියේ ය. එබැවින් එතැනට සෙලා-හම්-මාලෙකෝත්#23:28 සෙලා-හම්-මාලෙකෝත් එනම් බෙදීයෑමේ පර්වතය යයි කියනු ලැබේ. 29දාවිත් එතැනින් නැගී ගොස්, ඒන්-ගෙදී බළකොටුවල විසී ය.
Currently Selected:
1 සාමුවෙල් 23: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: