YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 2:33-36

1 සාමුවෙල් 2:33-36 SCV

මගේ පූජාසනය වෙතින් මා විසින් සිඳ දමනු නො ලබන අය එසේ ඉතිරි වන්නේ නුඹේ ඇස් කඳුළින් අන්ධ කරන්නටත්, නුඹේ හදවත සෝ තැවුලින් පුර වන්නටත් පමණි. නුඹෙන් පැවත එන සැවොම මැදි වයසේදී කඩුවෙන් මැරී යනු ඇත. “ ‘නුඹේ පුතුන් දෙදෙනා වන හොෆ්නීට හා පීනෙහාස්ට සිදුවන දේ නුඹට ලකුණක් වෙයි. ඔවුන් දෙදෙන එක ම දවසක නැසෙනු ඇත. මගේ හදවතටත්, මගේ මනසටත් අනුකූලව ක්‍රියා කරන විශ්වාසවන්ත පූජකයකු මම නැගිටුවා ගන්නෙමි. මම ඔහුට නිසැක වංශයක් ගොඩ නගා දෙන්නෙමි. ඔහු මගේ ආලේප ලද්දාණන් ඉදිරියෙහි හැම විට සේවය කරනු ඇත. එවිට නුඹේ පවුලේ ඉතිරි ව සිටින හැම කෙනකු ම රිදී කාසියක් සඳහාත්, රොටි කැබැල්ලක් සඳහාත් ඔහු ඉදිරියේ වැඳ වැටී කන්නලව් කරමින්, “අනේ පූජක නිලයේ යම් කාරියකට මා පත් කර ගන්න. එවිට මටත් කෑමට රොටි කැබැල්ලක් ලැබෙනු ඇතැ” යි කියනු ඇතැ’ යි” පැවසී ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 2:33-36