1 සාමුවෙල් 17:34-37
1 සාමුවෙල් 17:34-37 SCV
එහෙත් දාවිත්, සාවුල් අමතමින්, “ඔබේ මේ සේවකයා ඔහුගේ පියාගේ බැටළුවන් රැකබලමින් සිටියදී, සිංහයකු හෝ වලසකු හෝ අවුත්, රංචුවේ බැටළු පැටවකු ඩැහැගත් විටෙක, මා ඌ පසු පස්සේ ගොස්, ඌට පහර දී, උගේ කටින් බැටළුවා මුදා ගත්තා. ඌ මට එරෙහිව නැගිටුණු විට, මා උගේ රැවුලින් අල්ලා, ඌට පහර දී, මරා දැම්මා. ඔබේ සේවකයා සිංහයින් හා වලසුන් යන දෙගොල්ල මරා දැම්මා. මේ චර්ම-අඡේදිත පිලිස්තීයයාත් උන්ගෙන් එකකු මෙන් වනු ඇත. මන්ද ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවන්ට ඔහු කළේ නිග්‍රහයක්. සිංහයාගේ නියපහරින් හා වලසාගේ නියපහරින් මා මිදූ ස්වාමින්වහන්සේ මේ පිලිස්තීයයාගේ අතින් ද මා මුදා ගන්නා සේකැ” යි කීවේ ය. එවිට සාවුල්, “යන්න, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා” යි දාවිත්ට පැවසී ය.





