YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 17:1-4

1 සාමුවෙල් 17:1-4 SCV

මෙකල පිලිස්තිවරු තම හමුදා රැස් කරවා, යූදාට අයත් සෝකෝ වෙත එක් රැස් වූහ. ඔවුහු සෝකෝ හා අසේකා අතර පිහිටි එෆෙස්-දම්මීම්හි කඳවුරු ගසා ගත්හ. සාවුල් හා ඉශ්‍රායෙල්වරු එක් රැස් ව, ඒලා මිටියාවතේ කඳවුරු බැඳ, පිලිස්තිවරුනට මුහුණ දීමට තම සේනා පෙළ ගැස්වූහ. දෙගොල්ල අතරේ මිටියාවත ඇති ව, පිලිස්තිවරු කන්දේ එක් පැත්තක සිටගත්හ. ඉශ්‍රායෙල්, කන්දේ අනෙක් පැත්තේ සිටගත්හ. ගොලියත් නම් වූ රණශූරයෙක් පිලිස්ති කඳවුරෙන් එළියට ආවේ ය. ගාත් වැසියකු වූ ඔහු උසින් හය රියනක් හා වියතකි.