YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 16:7-12

1 සාමුවෙල් 16:7-12 SCV

එහෙත්, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “ඔහුගේ පෙනුම ගැන හෝ ඔහුගේ සිරුරේ උස ගැන හෝ සැලකිල්ලට නො ගන්න. මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කළෙමි. ස්වාමින්වහන්සේ බලන්නේ මිනිසා බලන ලෙසින් නො වේ. මිනිසා බලන්නේ පිටස්තර පෙනුම ය. එහෙත් ස්වාමින්වහන්සේ බලන්නේ හදවත යැ” යි පැවසූ සේක. යෙස්සේ ඉන්පසු අබිනාදාබ් කැඳවා, සාමුවෙල් ඉදිරිපිටින් යන්නට සැලැස්වී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ ඉන්පසු ෂම්මා යැවී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ, මෙසේ තම පුතුන්ගෙන් හත්දෙනකු සාමුවෙල් ඉදිරිපිටින් යැවී ය. එහෙත්, “ස්වාමින්වහන්සේ මොවුන් තෝරා නො ගත් සේකැ” යි ඔහු පැවසී ය. සාමුවෙල් එබැවින් යෙස්සේ අමතමින්, “ඔබට සිටින පුතුන් හැම මෙපමණ දැ?” යි ඇසී ය. යෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉන්නේ බාලයායි. එහෙත් අන්න! ඔහු සිටින්නේ බැටළුවන් බලා ගනිමින්” යැයි කීවේ ය. “පණිවුඩ යවා, ඔහු ගෙන්වන්න. ඔහු එන තුරු අප වාඩිවන්නේ නැතැ” යි සාමුවෙල් පැවසී ය. එබැවින් ඔහු පණිවුඩ යවා, ඔහු ගෙන්වී ය. ඔහු රත් පැහැයෙන් යුතු, දීප්තිමත් ඇස් ඇති කඩවසම් කෙනකු විය. එවිට ස්වාමින්වහන්සේ, “නැගිට, ඔහු ආලේප කරන්න. පුද්ගලයා ඔහුයි” කී සේක.

Verse Image for 1 සාමුවෙල් 16:7-12

1 සාමුවෙල් 16:7-12 - එහෙත්, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “ඔහුගේ පෙනුම ගැන හෝ ඔහුගේ සිරුරේ උස ගැන හෝ සැලකිල්ලට නො ගන්න. මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කළෙමි. ස්වාමින්වහන්සේ බලන්නේ මිනිසා බලන ලෙසින් නො වේ. මිනිසා බලන්නේ පිටස්තර පෙනුම ය. එහෙත් ස්වාමින්වහන්සේ බලන්නේ හදවත යැ” යි පැවසූ සේක.
යෙස්සේ ඉන්පසු අබිනාදාබ් කැඳවා, සාමුවෙල් ඉදිරිපිටින් යන්නට සැලැස්වී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ ඉන්පසු ෂම්මා යැවී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ, මෙසේ තම පුතුන්ගෙන් හත්දෙනකු සාමුවෙල් ඉදිරිපිටින් යැවී ය. එහෙත්, “ස්වාමින්වහන්සේ මොවුන් තෝරා නො ගත් සේකැ” යි ඔහු පැවසී ය. සාමුවෙල් එබැවින් යෙස්සේ අමතමින්, “ඔබට සිටින පුතුන් හැම මෙපමණ දැ?” යි ඇසී ය.
යෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉන්නේ බාලයායි. එහෙත් අන්න! ඔහු සිටින්නේ බැටළුවන් බලා ගනිමින්” යැයි කීවේ ය.
“පණිවුඩ යවා, ඔහු ගෙන්වන්න. ඔහු එන තුරු අප වාඩිවන්නේ නැතැ” යි සාමුවෙල් පැවසී ය.
එබැවින් ඔහු පණිවුඩ යවා, ඔහු ගෙන්වී ය. ඔහු රත් පැහැයෙන් යුතු, දීප්තිමත් ඇස් ඇති කඩවසම් කෙනකු විය.
එවිට ස්වාමින්වහන්සේ, “නැගිට, ඔහු ආලේප කරන්න. පුද්ගලයා ඔහුයි” කී සේක.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 16:7-12