YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 16:11-13

1 සාමුවෙල් 16:11-13 SCV

සාමුවෙල් එබැවින් යෙස්සේ අමතමින්, “ඔබට සිටින පුතුන් හැම මෙපමණ දැ?” යි ඇසී ය. යෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉන්නේ බාලයායි. එහෙත් අන්න! ඔහු සිටින්නේ බැටළුවන් බලා ගනිමින්” යැයි කීවේ ය. “පණිවුඩ යවා, ඔහු ගෙන්වන්න. ඔහු එන තුරු අප වාඩිවන්නේ නැතැ” යි සාමුවෙල් පැවසී ය. එබැවින් ඔහු පණිවුඩ යවා, ඔහු ගෙන්වී ය. ඔහු රත් පැහැයෙන් යුතු, දීප්තිමත් ඇස් ඇති කඩවසම් කෙනකු විය. එවිට ස්වාමින්වහන්සේ, “නැගිට, ඔහු ආලේප කරන්න. පුද්ගලයා ඔහුයි” කී සේක. එබැවින් සාමුවෙල් තෙල්-අඟ ගෙන, ඔහුගේ සහෝදරයින් ඉදිරියෙහි ඔහු ආලේප කළේ ය. ඒ දවසේ පටන් ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ බලයෙන් යුක්ත ව දාවිත් මත පහළ වූ සේක. ඉන්පසු සාමුවෙල්, රාමා බලා පිටත් ව ගියේ ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 16:11-13