YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 14:21-27

1 සාමුවෙල් 14:21-27 SCV

කලින් පිලිස්තිවරුන් සමඟ සිට, ඔවුන් හා පිලිස්ති කඳවුරට ගොස් සිටි හෙබ්‍රෙව්වෝ, සාවුල් හා යොනාතාන් සමඟ වූ ඉශ්‍රායෙල්වරුනට එකතු වීමට හැරුණහ. සැඟවෙන්නට එප්‍රායිම් කඳුරටට ගොස් සිටි සියලු ඉශ්‍රායෙල්වරු ද පිලිස්තිවරුන් පලා යමින් සිටි වග ඇසූ කල, සටනට එක් වී, සැරෙන් ඔවුන් ලුහුබැඳ ගියහ. මෙසේ ස්වාමින්වහන්සේ ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන් මිදූ සේක. බෙත්-ආවෙන් පුරය ද ඉක්මවා සටන පැතිරිණි. ඒ අතර, ඒ දවසේ ඉශ්‍රායෙල් මිනිසුන් සිටියේ මහත් අපහසුතාවකිනි. හේතුව වූයේ, “සවස් වන්නට පෙර, මගේ සතුරන්ගෙන් මා පළිගන්නට පෙර, යම් කෑමක් කන ඕනෑ ම කෙනකුට ශාප වේවා!” යි සාවුල් ජනතාව දිවුරුමකින් බඳවා තිබීම ය. ඒ හේතුවෙන් ඒ කිසි කෙනකු අහරක රස බැලුවේ නැත. මුළු හමුදාව ම කැලයට ඇතුළු වූහ. එවිට මෙන්න! එහි පොළෝ මත මී පැණි! කැලයට ඇතුළු වෙද්දී මී පැණි වෑස්සෙනු ඔවුන් දුටු නමුදු, කිසිවකු තම අත, මුවට ළං කළේ නැත. මන්ද ඔවුන් දිවුරුමට භය වූ හෙයිනි. එහෙත්, තම පියා දිවුරුමකින් ජනයා බැඳගෙන තිබූ වග යොනාතාන් දැන සිටියේ නැත. එබැවින්, ඔහු තම අතෙහි වූ සැරයටිය දිගු කොට, එහි කෙළවර මී-වදයේ ඔබා, තම අත, මුවෙහි තැබී ය. එවිට ඔහුගේ ඇස් දීප්තිමත් විය.