YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 13:10-12

1 සාමුවෙල් 13:10-12 SCV

ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම වනවාත් සමඟ ම, සාමුවෙල් පැමිණියේ ය. ඔහුට ආචාර කරන පිණිස ඔහු හමු වන්නට සාවුල් පිටතට ගියේ ය. “මොනවද ඔබ මේ කළේ?” යි සාමුවෙල් ඇසී ය. එබැවින් සාවුල් පිළිතුරු දෙමින්, “මිනිසුන් මා වෙතින් විසිර යනවා මා දුටු නිසාත්, නියම කර ගත් වෙලාවට ඔබ නො ආ නිසාත්, පිලිස්තිවරුන් මික්මාස්හි එක් රැස් වී සිටි නිසාත්, මා සිතුවේ පිලිස්තිවරුන් දැන් පිටත් ව, මට එරෙහිව ගිල්ගාල් වෙත එනු ඇති; මා ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය සෙව්වේ ද නැත කියායි. එනිසා දවන යාග පූජාව ඔප්පු කිරීමට මා තුළ බලකිරීමක් ඇති වුණා” යි කී ය.