1 සාමුවෙල් 12:22-24
1 සාමුවෙල් 12:22-24 SCV
ස්වාමින්වහන්සේ ස්වකීය උත්තම නාමය නිසා තම ජනතාව ප්රතික්ෂේප නො කරන සේක. මන්ද තමන්වහන්සේගේ ම වූ ජනතාවක් කොට, ඔබ පත් කර ගන්නට ස්වාමින්වහන්සේ ප්රසන්න වූ සේක. මා ගැන කියතහොත්, ඔබ උදෙසා යාච්ඤා කිරීම නවතා දැමීම මගින්, ස්වාමින්වහන්සේට එරෙහිව පව් කිරීම මවෙතින් දුරු වේවා. මම ඔබට යහපත් වූත්, නිවැරදි වූත් මාර්ගය පෙන්වා දෙන්නෙමි. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව, ඔබේ මුළු හදින් විශ්වාසී ව, උන්වහන්සේට සේවය කිරීමට වග බලා ගන්න. ඔබ උදෙසා උන්වහන්සේ කොතරම් මහත් දෑ කර ඇත්දැයි සිතා බලන්න.





