1 සාමුවෙල් 10:6-7
1 සාමුවෙල් 10:6-7 SCV
එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් තරයේ ම ඔබ කරා පහළ වෙයි. එවිට ඔබත් ඔවුන් සමඟ දිවැස් වැකි පවසමින්, වෙනස් පුද්ගලයකු බවට පත් වෙයි. මේ ලකුණු ඉටු වූ කල, සුදුසුයැයි ඔබට හැඟෙන කවර දෙයක් වුව කරන්න. මන්ද දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.





