YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 10:20-23

1 සාමුවෙල් 10:20-23 SCV

සාමුවෙල්, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ල ළං කර වූ කල, බෙන්යමින් ගෝත්‍රය පස ඇටයෙන් ගනු ලැබිණ. ඉන්පසු ඔහු බෙන්යමින් ගෝත්‍රයේ එක් එක් පෙළපත ළං කර වූ කල, මට්රී පෙළපත පස ඇටයෙන් ගනු ලැබිණ. ඉන්පසු කීෂ්ගේ පුත් සාවුල් පස ඇටයෙන් තෝරාගනු ලැබිණ. එහෙත් ඔවුහු ඔහු සෙවූ කල, ඔහු දක්නට නො වී ය. එබැවින් ඔවුහු තවදුරටත් ස්වාමින්වහන්සේ විමසමින්, “ඒ මිනිසා මෙහි අවුත් සිටී දැ?” යි ඇසූහ. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “අන්න! ඔහු බඩු අතරේ සැඟවී සිටිතැ” යි පැවසූ සේක. ඔවුහු දුව ගොස්, ඔහු පිටතට ගෙන ආහ. ජනයා අතරේ සිටගත් කල, උරහිස පටන් ඉහළට අන් කවරකුටත් වඩා ඔහු උසින් යුතු විණි.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 10:20-23