YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 1:5-11

1 සාමුවෙල් 1:5-11 SCV

එහෙත් හන්නාට ඔහු දෙගුණයක කොටසක් දුන්නේ ය. ඒ, ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණා වුව ද, ඔහු ඇයට ආදරය කළ නිසා ය. ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබූ බැවින්, ඇගේ තරඟකාරිය ඇය දැඩි ව රිදවනු පිණිස ඇය කෝප ගැන්වීමට පුරුදු ව සිටියා ය. වසරින් වසර එසේ සිදු විණි. ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විටෙක ම පාහේ ඈ ඇය කෝපගන්වයි. එවිට ඈ හඬන්නට වී, කිසිවක් අහරට නො ගෙන සිටින්නී ය. එවිට ඇගේ සැමියා, එල්කානා ඇය අමතමින්, “හන්නා, ඇයි ඔබ හඬන්නේ? ඇයි ඔබ කිසිවක් නො කන්නේ? ඇයි ඔබ සිතින් දුක් වන්නේ? පුතුන් දස දෙනකුටත් වඩා ඔබට මා වටින්නේ නැති දැ?” යි අසයි. ෂීලෝහි දී ඔවුන් කෑ-බී පසු, හන්නා නැගිට්ටා ය. ඒ අතර පූජක ඒලී ස්වාමින්වහන්සේගේ මාලිගයේ උළුවස්ස පසෙක අසුනක හිඳගෙන සිටියේ ය. අධික සිත් තැවුලෙන් හොඳට ම හැඬූ හන්නා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළා ය. ඈ බාරයක් වෙමින්, “අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ඔබගේ සේවිකාවගේ දුක්ඛිතකම දෙස බලා, මා මතක් කර, ඔබගේ සේවිකාව අමතක නො කර, ඔබවහන්සේ ඇයට පුතකු ලබා දෙන්නේ නම්, ඔහුගේ මුළු ජීවිත කාලයට ම මම ස්වාමින්වහන්සේට ඔහු දෙන්නෙමි. දැළි පිහියක් කිසි දින ඔහුගේ හිසට තබනු නැතැ” යි කීවා ය.

Video for 1 සාමුවෙල් 1:5-11

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 1:5-11