YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 1:15-18

1 සාමුවෙල් 1:15-18 SCV

හන්නා පිළිතුරු දෙමින්, “එසේ නො වෙයි මා ස්වාමිනි, මා හොඳටෝ ම දුකට පත් ස්ත්‍රියක්; මා මිදි යුෂ හෝ අන් මත්පැනක් බීලා නො වේ. මා කළේ ස්වාමින්වහන්සේ ඉදිරියේ මගේ සිත්සතන් වැගිරවීමයි. ඔබගේ සේවිකාව වන මා කමකට නැති තැනැත්තියකැයි සිතන්න එපා. මා මහත් සිත් සංතාපයෙන් හා සෝ තැවුලෙන් යුතු ව කන්නලව් කරමින් සිටියා” යි කීවා ය. එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේගෙන් ඔබ ඉල්ලූ දේ ඉෂ්ට කර දෙන සේක්වා!” යි කීවේ ය. ඈ කතා කරමින්, “ඔබේ සේවිකාව වන මට ඔබ හමුවෙහි ප්‍රසාදය ලැබේවා!” යි කීවා ය. ඉන්පසු එම කාන්තාව ආපසු ගොස්, ආහාර ගත්තා ය. තවදුරටත් ඇගේ මුහුණ සෝ බරිත නො වී ය.

Video for 1 සාමුවෙල් 1:15-18