YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 1:1-7

1 සාමුවෙල් 1:1-7 SCV

එප්‍රායිම් කඳු රටේ රාමාතයිම්හි සූෆීය පෙළපතේ මිනිසෙක් සිටියේ ය. ඔහුගේ නම එල්කානා ය. එල්කානා, යෙරොහාම්ගේ පුත්‍රයා ය. ඔහු එලීහුගේ පුත්‍රයා ය. ඔහු තොහූගේ පුත්‍රයා ය. ඔහු එප්‍රායිම් ගෝත්‍ර වංශික සූෆ්ගේ පුත්‍රයා ය. එල්කානාට භාර්යාවන් දෙදෙනෙක් වූහ. එක් තැනැත්තියකගේ නම හන්නා ය. අනෙක් තැනැත්තිය පෙනින්නා ය. පෙනින්නාට, දරුවෝ සිටියහ. එහෙත් හන්නාට දරුවන් සිටියේ නැත. සේනාංකවල ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නට හා යාග පූජා ඔප්පු කරන්නට වසරින් වසර මේ මිනිසා, තම නගරයේ සිට ෂීලෝ වෙත යාමට පුරුදු වී සිටියේ ය. එහි ස්වාමින්වහන්සේගේ පූජකයින් ව සිටියේ ඒලීගේ පුතුන් දෙදෙනා වූ හොෆ්නී හා පීනෙහාස් ය. යාග පූජා ඔප්පු කරන දවසේ, එල්කානා තම බිරිඳ වූ පෙනින්නාටත්, ඇගේ සියලු පුතුන් හා දූවරුන්ටත් කොටස් දුන්නේ ය. එහෙත් හන්නාට ඔහු දෙගුණයක කොටසක් දුන්නේ ය. ඒ, ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණා වුව ද, ඔහු ඇයට ආදරය කළ නිසා ය. ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබූ බැවින්, ඇගේ තරඟකාරිය ඇය දැඩි ව රිදවනු පිණිස ඇය කෝප ගැන්වීමට පුරුදු ව සිටියා ය. වසරින් වසර එසේ සිදු විණි. ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විටෙක ම පාහේ ඈ ඇය කෝපගන්වයි. එවිට ඈ හඬන්නට වී, කිසිවක් අහරට නො ගෙන සිටින්නී ය.

Video for 1 සාමුවෙල් 1:1-7