YouVersion Logo
Search Icon

1 රාජාවලිය 9:6-9

1 රාජාවලිය 9:6-9 SCV

“එහෙත් ඔබ හෝ ඔබේ පුතුන් හෝ මා වෙතින් ඉවත හැරී, මා ඔබට දුන් මගේ ආඥා හා නියෝග රක්ෂා නො කොට, ගොස් අන් දෙවිවරුන්ට සේවය කර, නමස්කාර කරන්නේ නම්, මා විසින් ඉශ්‍රායෙල් ජනයාට දෙන ලද දේශයෙන් ඔවුන් නෙරපා හරින්නෙමි. මගේ නාමය උදෙසා මා විසින් විශුද්ධ කරන ලද මේ ගෘහය ප්‍රතික්ෂේප කරන්නෙමි. එවිට ඉශ්‍රායෙල් ජනයා, සියලු ජනයින් අතර උපහාසයක් ද සමච්චලයට හේතුවක් ද බවට පත් වනු ඇත. මේ ගෘහය සුන්බුන් ගොඩක් වනු ඇත. ඒ අසලින් යන සියල්ලන් විස්මපත් ව, ‘මේ දේශයටත්, මේ ගෘහයටත් ස්වාමින්වහන්සේ මෙහෙම දෙයක් කළේ ඇයි?’ දැයි අසනු ඇත. එවිට මිනිසුන් පිළිතුරු දෙමින්, ‘ස්වාමින්වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට ගෙනවුත් ඇත්තේ, ඔවුන් අන් දෙවිවරුන් වැලඳ ගනිමින්, ඔවුන්ට නමස්කාර කරමින්, ඔවුන්ට සේවය කරමින්, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන්ගේ පියවරුන් ගෙන ආ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ නිසා ය’ කියා කියනු ඇතැ” යි පැවසූ සේක.