1 රාජාවලිය 17:13-14
1 රාජාවලිය 17:13-14 SCV
එවිට ඇය ඇමතූ එලියා, “භය වන්න එපා; ගෙදර ගොස්, ඔබ කී විදියට කරන්න. එහෙත් ඔබට ඇති දෙයින් පළමුවෙන් මට කුඩා රොටියක් සාදා, මට ගෙනැවිත් දෙන්න; ඉන්පසු ඔබටත්, ඔබේ පුතාටත් සාදා ගන්න; මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘ස්වාමින්වහන්සේ දේශය පිටට වර්ෂාව එවන දවස දක්වා, මුට්ටියේ පිටි ඉවර වන්නේවත්, බඳුනේ තෙල් අඩු වන්නේවත් නැතැ’ යි” කීවේ ය.





