YouVersion Logo
Search Icon

1 රාජාවලිය 16:30-34

1 රාජාවලිය 16:30-34 SCV

ඔම්රීගේ පුත් ආහාබ් තමාට පෙර සිටි හැමට වඩා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කළේ ය. ඔහු නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාපවල ගැලීම ඉතා සුළු දෙයකැයි සැලකුවා පමණක් නො ව, සීදොන්වරුන්ගේ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසෙබෙල් ද ආවාහ කර ගත්තේ ය. ඔහු බාල් දෙවියාට මෙහෙ කරන්නටත්, වැඳුම් පිදුම් කරන්නටත් පටන් ගත්තේ ය. සමාරියේ ඔහු ඉදි කළ බාල් දෙවියාගේ දෙවොලෙහි ඔහු බාල්ට පූජාසනයක් පිහිටුවී ය. ආහාබ් අෂේරා කණුවක් ද සෑදී ය. ඔහු තමාට පෙර සිටි සියලු ඉශ්‍රායෙල් රජුන්ට වඩා තමා කළ දෙයින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වඩ වඩාත් කෝප ගැන්වී ය. ආහාබ්ගේ සමයේ බෙතෙල්හි හීයෙල් යෙරිකෝව යළි ඉදි කළේ ය. නූන්ගේ පුත් යෝෂුවා පවසන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව ඔහු එහි අත්තිවාරම දමන කල, තම කුලුඳුල් පුතු වූ අබිරාම් ද ඔහු එහි දොරටු සවි කරන කල, තම බාල පුතු වූ සෙගූබ් ද නැසුණහ.

Free Reading Plans and Devotionals related to 1 රාජාවලිය 16:30-34