1 රාජාවලිය 15
15
යූදාහි අබියා රජු
1නෙබාට්ගේ පුත් යෙරොබොවම් රජුගේ දහඅට වන අවුරුද්දේ, අබියාම්#15:1 බොහෝ හෙබ්‍රෙව් පිටපත් අනුව ය; සමහර හෙබ්‍රෙව් පිටපත් සහ සෙප්ටුවජින්ට් (2 ලේක 12;16 ද බලන්න) අබියා 7 සහ 8 පදවල ද එසේ ම ය. යූදාහි රජකම් කරන්නට පටන් ගත්තේ ය. 2ඔහු යෙරුසලමෙහි තුන් අවුරුද්දක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම මයකා ය. ඇය අබිෂාලොම්ගේ දියණියයි.
3ඔහුට පෙර ඔහුගේ පියා කර තිබූ සියලු පාපවල ඔහු ද ගැලුණේ ය; තම ආදි පියා වූ දාවිත්ගේ හදවත තිබූ පරිදි, ඔහු තම හදවත තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මුළුමනින් කැප කළේ නැත. 4එසේ වුව ද ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දාවිත් නිසා, අබියාම්ගෙන් පසු ඔහුගේ තැන ගැනීමට ඔහුගේ පුතකු නැගිටුවීම මගින් යෙරුසලම බලවත් කරමින්, යෙරුසලමේ පහනක් ඔහුට දුන් සේක. 5මන්ද දාවිත් කර තිබුණේ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ හරි ව තිබූ දෑ ය. හිත්තීය ඌරියා පිළිබඳ කාරණය ගැන මිස, තමාගේ ජීවිතයේ සියලු දවස්වල ඔහු ස්වාමින්වහන්සේගේ ආඥා රක්ෂා කිරීමෙන් ඉවත හැරුණේ නැත.
6අබියාම්ගේ ජීවිත කාලය පුරා රෙහොබොවම් හා යෙරොබොවම් අතර යුද්ධ පැවතිණි. 7අබියාම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදාහි රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? අබියාම් හා යෙරොබොවම් අතර යුද්ධ පැවතිණි. 8අබියාම් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔවුහු දාවිත් පුරයේ ඔහු භූමදාන කළෝ ය. ඔහුගේ පුත් ආසා ඔහු වෙනුවට රජකමට පත් විය.
යූදාහි ආසා රජු
9ඉශ්‍රායෙල්හි රජු වූ යෙරොබොවම්ගේ විසිවෙනි වසරේ ආසා, යූදාහි රජකමට පත් විය. 10ඔහු හතළිස් එක් වසරක් යෙරුසලමේ රජකම් කළේ ය. ඔහුගේ මිත්තණියගේ නම මයකා ය. ඇය අබිෂාලොම්ගේ දියණියයි.
11ආසා තම පියා වූ දාවිත් කළ ලෙස ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නිවැරදි වූ දේ කළේ ය. 12ඔහු දේවාල-පිරිමි ගණිකාවන් දේශයෙන් පන්නා, තම පියවරුන් සාදා තිබූ සියලු දේවතා පිළිම ඉවත් කර, 13ඔහුගේ මව#15:13 මව නැතහොත් මිත්තණිය විය හැක. වූ මයකා පිළිකුල් අෂේරා රූප ස්තම්භයක් සෑදූ බැවින්, මව් බිසෝ තනතුරෙන් ඇය ඉවත් කළේ ය. ආසා එම රූප ස්තම්භය කපා දමා, කිද්‍රොන් නිම්නයේදී එය පුලුස්සා දැමී ය. 14එහෙත් ආසා උස් තැන් පුදසුන් ඉවත් නො කරන ලදී. එනමුත් ආසාගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුගේ හදවත මුළුමනින් ම ස්වාමින්වහන්සේට කැප ව තිබුණි. 15ඔහු තම පියාත්, තමාත් කැප කර තිබූ රිදී හා රන් ද භාණ්ඩ ද ස්වාමින්වහන්සේගේ ගෘහයට ගෙනාවේ ය.
16ආසා හා ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා අතර ඔවුන්ගේ පාලන කාලය පුරා යුද්ධ පැවතිණි. 17ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා, යූදාට එරෙහිව ගියේ ය. යූදාහි රජු වූ ආසාගේ පළාතට කිසිවකු ඇතුල්වීම හෝ කිසිවකු ඉන් පිටවීම හෝ වළකනු පිණිස, ඔහු රාමාහි ආරක්ෂාව තර කළේ ය.
18එවිට ආසා ස්වාමින්වහන්සේගේ ගෘහයේ සහ තමාගේ රජ මැදුරේ භාණ්ඩාගාරවල ඉතිරි ව තිබූ සියලු රිදී හා රන් ගෙන, තම නිලධාරීන්ට බාර දී, දමස්කයේ විසූ අරාම්හි රජු වූ හෙසියොන්ගේ පුත්, ටබ්රිම්මොන්ගේ පුත් බෙන්-හදද් වෙත ඒවා යැවී ය. 19ඔහු කතා කොට, “මගේ පියා හා ඔබේ පියා අතර තිබූ පරිද්දෙන්, ඔබ සහ මා අතර ගිවිසුමක් තිබේවා! මෙන්න මම ඔබට රිදී-රත්රන් ත්‍යාගයක් එවන්නෙමි; දැන් ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා සමඟ ඇති ඔබේ ගිවිසුම කඩ කරන්න; එවිට ඔහු මා වෙතින් ඉවත් ව යනු ඇතැ” යි කියා යැවී ය.
20බෙන්-හදද්, ආසා රජුට සවන් දී, තම හමුදා සෙන්පතීන් ඉශ්‍රායෙල් පුරවරවලට විරුද්ධ ව යැවී ය. ඔහු ඊයොන් ද දාන් ද ආබෙල් බෙත්-මාකා ද නෆ්තලී ඇතුළු මුළු කින්නෙරෙත් ද යටත් කර ගත්තේ ය. 21බාෂා ඒ ඇසූ කල, රාමා ඉදි කිරීම නවතා, තිර්සා වෙත ගොස් විසී ය. 22ඉන්පසු ආසා රජු, එකකුදු නෑර මුළු යූදා වෙත නියෝගයක් පනවමින් බාෂා විසින් රාමාහි භාවිත කළ ගල් සහ දැව ජනයා ලවා ඉන් බැහැර කරවී ය. ආසා රජු ඒවායින් බෙන්යමින්හි ගෙබා හා මිස්පා ගොඩ නැගී ය.
23ආසා සම්බන්ධ සෙසු කාරණා සියල්ල ද ඔහුගේ සියලු ජයග්‍රහණ, ඔහු කළ සියල්ල හා ඔහු ඉදි කළ පුරවර ද ගැන යූදා රජුන්ගේ ඉතිහාස පොත්වල ලියැවී තිබෙනවා නො වේ ද? එසේ වුවත් ඔහුගේ මහලු වයසේදී ඔහුගේ පාදවල රෝගයක් හට ගැණිනි. 24ඉන්පසු ආසා තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු ඔවුන් අතරේ ඔහුගේ පියා වූ දාවිත් පුරයේ භූමදාන කෙරිණි. ඔහුගෙන් පසු ඔහුගේ පුත් යෙහෝෂාෆාට් රජකමට පත් විය.
ඉශ්‍රායෙල්හි නාදාබ් රජු
25යූදාහි රජු වූ ආසාගේ දෙවන වසරේ යෙරොබොවම්ගේ පුත් නාදාබ්, ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු වසර දෙකක් ඉශ්‍රායෙල්හි රජකම් කළේ ය. 26ඔහු තම පියා විසින් ඉශ්‍රායෙල්ට කරන්නට සලස්වා තිබූ ඔහුගේ පාපයේ හා ඔහුගේ අඩිපාරේ යමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු ව තිබූ දේ කළේ ය.
27නාදාබ් සහ මුළු ඉශ්‍රායෙල් ජනයා පිලිස්ති නගරයක් වූ ගිබ්බෙතෝන් වටලා සිටියදී, ඉස්සාකර් වංශික අහියාගේ පුත් බාෂා ඔහුට එරෙහිව කුමන්ත්‍රණ කොට, එහිදී ඔහු ගසා හෙළී ය. 28බාෂා, යූදාහි රජු වූ ආසාගේ තුන්වෙනි වසරේ නාදාබ් මරා, ඔහු වෙනුවට රජකමට පත් විය.
29ඔහු රජකම් කරන්නට පටන් ගත් විගස යෙරොබොවම්ගේ මුළු පියවංශය ම මරා දැමී ය. ඔහු පණ ඇති කිසිවකු යෙරොබොවම්ට ඉතිරි කළේ නැත. ඒ සියලු දෙනා ම විනාශ කර දැමී ය. එසේ වූයේ ස්වකීය සේවක ෂීලෝහි අහියා මගින් දෙන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, 30යෙරොබොවම් කළ පව් නිසාත්, ඔහු ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ පව් නිසාත්, ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝප ගැන් වූ නිසාත් ය.
31නාදාබ් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඉශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 32ආසා හා ඉශ්‍රායෙල්හි රජු වූ බාෂා අතර ඔවුන්ගේ පාලන කාලය පුරා යුද්ධ පැවතිණි.
ඉශ්‍රායෙල්හි බාෂා රජු
33යූදාහි රජු වූ ආසාගේ තුන්වෙනි වසරේ අහියාගේ පුත් බාෂා, මුළු ඉශ්‍රායෙල් කෙරෙහි තිර්සාහි රජකමට පත් වී, වසර විසිහතරක් රජකම් කළේ ය. 34ඔහු යෙරොබොවම් විසින් ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ ඔහුගේ පාපයේ හා ඔහුගේ අඩිපාරේ යමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු ව තිබූ දේ කළේ ය.
Currently Selected:
1 රාජාවලිය 15: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: