1 රාජාවලිය 11:1-3
1 රාජාවලිය 11:1-3 SCV
සාලමොන් රජු, පාරාවෝගේ දියණියට අමතරව, විජාතික බොහෝ කාන්තාවනට එනම් මෝවබ්, අම්මොන්, ඒදොම්, සීදොන් හා හිත්තීය කාන්තාවනට ආලය වූයේ ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් අමතා, “ඔබ ඔවුන් සමඟවත්, ඔවුන් ඔබ සමඟවත් ආවාහ විවාහ නො කළ යුත්තේ, සැබවින් ම ඔවුන් ඔබගේ සිත්, ඔවුන්ගේ දෙවිවරුන් වෙත හැරවිය හැකි බැවිනි” යි කියා තිබුණේ මෙම ජාතීන් පිළිබඳව ය. එහෙත් සාලමොන් ඔවුන්ට බෙහෙවින් ආලය වූයේ ය. ඔහුට රාජ කුමාරිකා භාර්යාවන් හත්සියයක් ද අතිරේක භාර්යාවන් තුන්සියයක් ද වූහ. ඔහුගේ භාර්යාවරු ඔහුගේ හද මුළා කළහ.





