1 යොහන් 3:19-22
1 යොහන් 3:19-22 SCV
අප සත්‍යයට අයත් බව දැනගන්නේත්, උන්වහන්සේ ඉදිරියේ අප හදවතේ සහතිකයක් ඇති කරගන්නේත් මෙලෙසිනි; මන්ද අප හදවත් අපට දෝෂාරෝපණ කරන කවර විටෙක වුව, දෙවියන්වහන්සේ අප හදවත්වලට වඩා උතුම් ය; උන්වහන්සේ සියලු දේ ම දන්නා සේක. ප්‍රේමණීයයනි, අප හදවත අපට දොස් පවරන්නේ නැති නම්, දෙවියන්වහන්සේ ඉදිරියේ නිසැකකමක් අපට තිබේ. එවිට අප ඉල්ලන කවර දෙයක් වුව උන්වහන්සේගෙන් අපට ලැබේ. මන්ද අප උන්වහන්සේගේ ආඥා පිළිපදින බැවින් හා උන්වහන්සේ ප්‍රිය මනාප දේ කරන බැවිනි.





