1 කොරින්ති 6
6
ඇදහිලිවතුන් අතර නඩු හබ
1ඔබෙන් යමකුට, තවත් කෙනකුට එරෙහිව යම් ආරවුලක් ඇත්නම්, ශුද්ධවතුන් වෙත නො ව, අධර්මිෂ්ඨයින් වෙත යන්නට බය නැද්ද? 2ශුද්ධවතුන් ලෝකය විනිශ්චය කරන වග ඔබ දන්නේ නැති ද? ලෝකය විනිශ්චය කරන්නට සිටින ඔබට මේ සුළු ආරවුලක් විසඳීමේ සුදුසුකමක් නැති ද? 3අප විසින් දේව දූතයන් ද විනිශ්චය කරනු ලබන බව ඔබ දන්නේ නැති ද? එසේ නම් මේ ජීවිතයට අදාළ කරුණු ගැන කියනුම කවරේ ද? 4එබැවින් එබඳු කාරණාවලදී සභාව විසින් ගණන් නො ගන්නා අය වෙත ඒවා ගෙන යන්නේ ඇයි? 5ලජ්ජා සහගතයි! සහෝදරයින් අතරේ ආරවුලක් විසඳීමට ප්‍රඥාවත් එක් කෙනෙක්වත් ඔබ අතරේ නො විය හැකි ද? 6එහෙත් සහෝදරයෙක් සහෝදරයකුට එරෙහිව නො ඇදහිලිකාරයින් ඉදිරියේ නඩු මගට බසී!
7එකිනෙකා සමඟ නඩු හබ ඇතිකර ගැනීමෙන් පෙනී යන්නේ, දැනට ම ඔබට සම්පූර්ණයෙන් පරාජයක් ය කියායි. අයුක්තිය විඳීම ඊට වඩා හොඳ නැද්ද? වංචාවට හසුවීම ඊට වඩා හොඳ නැද්ද? 8ඒ වෙනුවට ඔබ ම අයුක්තිය කරයි; වංචා කරයි. ඒ, තමන්ගේ ම සහෝදරයින්ට ය. 9අධර්මිෂ්ඨයින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කර ගන්නේ නැති වග, ඔබ දන්නේ නැති ද? නො රැවටෙන්න. ලිංගික අපචාරීන්, පිළිම වඳින්නන් හෝ පරදාර සේවනයේ යෙදෙන්නන්, සමලිංගික සේවනයේ යෙදෙන දෙගොල්ල ම හෝ 10සොරුන්, තණ්හාධිකයින්, බේබද්දන්, අපවාද නගන්නන් හෝ කොල්ලකරුවන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමය ලබන්නේ නැත. 11ඔබ ඇතැම්හු එවැන්නන් ව සිටියහ. එහෙත්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගින් ඔබ සෝදනු ලැබුවහු ය; පවිත්‍ර කරනු ලැබුවහු ය; නිදොස් කරනු ලැබුවහු ය.
ලිංගික අනාචාරයෙන් පලා යන්න
12“හැම දෙයක් ගැන ම මට නිදහස තිබේ.” එහෙත් හැම දෙයක් ම පලදායි නැත. “හැම දෙයක් ගැන ම මට නිදහස තිබේ.” එහෙත් කිසිවකට මා ගැතිකර ගත නො හැක. 13“ආහාර, උදරය සඳහා ය; උදරය, ආහාර සඳහා ය.” එහෙත් දෙවියන්වහන්සේ ඒ දෙක ම, ඒකත්-මේකත් විනාශ කරන සේක. ශරීරය ලිංගික අනාචාරය සඳහා නො ව, ස්වාමින්වහන්සේ සඳහා ය. ස්වාමින්වහන්සේ ද ශරීරය සඳහා ය. 14දෙවියන්වහන්සේ යේසුස් ස්වාමින්වහන්සේ නැගිට වූ සේක්, අපත් තමන්වහන්සේගේ බලයෙන් නැගිටුවන සේක. 15ඔබගේ සිරුරු ක්‍රිස්තුස්වහන්සේගේ අවයව බව දන්නේ නැති ද? එසේ නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයව ගෙන, වෙසඟනකගේ අවයව කරම් ද? කොහෙත් ම නැත. 16වෙසඟනක සමඟ එක්වන්නා, ඇය හා එක ශරීරයක් වන වග ඔබ දන්නේ නැති ද? “දෙදෙනා එක මාංසයක් වෙති”#6:16 උත් 2;24 යි ලියවිල්ල දක්වයි. 17එහෙත් ස්වාමින්වහන්සේ හා සමඟ එක්වන්නා, උන්වහන්සේ සමඟ එක ආත්මයක් බවට පත් වේ.
18ලිංගික අනාචාරයෙන් පැන දුවන්න. මිනිසා කරන අන් හැම පාපයක් ම කරනුයේ ශරීරයෙන් පිටස්තර ව ය. එහෙත් ලිංගික අනාචාරකම් කරන්නා, තමන්ගේ ම ශරීරයට එරෙහිව පව් කරයි. 19දෙවියන්වහන්සේගෙන් ඔබ ලද, ඔබ තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාලිගාව, ඔබේ ශරීරය බව ඔබ දන්නේ නැති ද? ඔබ, ඔබට ම අයිති නැත. 20මිලයක් ගෙවීමෙන්, ඔබ මිලයට ගනු ලැබ ඇත. එබැවින් ඔබගේ ශරීරයෙන් දෙවියන්වහන්සේ මහිමයට පමුණුවන්න.
Currently Selected:
1 කොරින්ති 6: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: