1 කොරින්ති 3
3
සභාව සහ නායකයින්
1එහෙත් සහෝදරයිනි, ආත්මික පුද්ගලයනට මෙන් ඔබ ඇමතිය නො හැකි ව, මා ඔබ අමතන්නේ මාංසික මිනිසුනට මෙනි; ක්‍රිස්තුස්වහන්සේ තුළ බිළිඳුනට මෙනි. 2මා ඔබේ පෝෂණයට දුන්නේ කිරි ය; ගන ආහාර නො වේ. මන්ද ඔබ ඒවාට ලැහැස්ති ව සිටියේ නැත. දැන් වුව ද, තවමත් ඔබ ඊට ලැහැස්ති නැත. 3ඔබ තවමත් මාංසික ය. ඔබ අතරේ ඊර්ෂ්‍යාවත්, අඩ දබරත් පවතිනවා නම්, තවමත් ඔබ ලෞකිකත්වයේ ම නො වේ ද? තවමත් ඔබ මනුෂ්‍යාකාරයෙන් හැසිරෙනවා නො වේ ද? 4මන්ද කෙනෙක්, “මම පාවුල් අනුගමන කරමි” යි කියා හා තවත් කෙනෙක්, “මම අපොල්ලොස් අනුගමන කරමි” යි කියද්දී ඔබ හුදු මිනිසුන් නො වන්නේ ද?
5එහෙම නම් අපොල්ලොස් කවුරු ද? පාවුල් කවුරු ද? එකිනෙකාට ස්වාමින්වහන්සේ පැවරූ කාරියට අනුව, ඇදහිල්ල වෙත ඔබ යොමු කළ සේවකයින් ය. 6මම සිටෙවුවෙමි; අපොල්ලොස් වතුර දැමී ය. එහෙත්, එය වැඩෙන්නට සැලසුවේ දෙවියන්වහන්සේ ය. 7වැදගත් වන්නේ සිට වූ හෝ වතුර දැමූ හෝ තැනැත්තා නො ව, වැඩීම සැලසූ දෙවියන්වහන්සේ ය. 8සිට වූ කෙනාත්, වතුර දමන කෙනාත් එක සමාන ය. ඒ එකිනෙකා තමන් කළ මෙහෙයට සරිලන විපාකය ලබයි. 9මන්ද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවෝ ය. දෙවියන්වහන්සේගේ කෙතත්, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලත් ඔබ ය.
10දෙවියන්වහන්සේගෙන් මා ලද අනුග්‍රහය අනුව ප්‍රවීණ, ප්‍රධාන ගොඩනැගිලි ඉදිකරන්නකු සේ, මම අත්තිවාරමක් දැමුවෙමි. අන් කෙනෙක් ඒ මත ගොඩ නගයි. ඒ පිට කෙලෙස ගොඩ නගන්නේදැයි එකිනෙකා වග බලා ගනීවා. 11මන්ද දමා තිබෙන එක හැර, අන් අත්තිවාරමක් දමන්නට කිසිවකුට නුපුළුවන. ඒ අත්තිවාරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. 12යමෙක් මෙම අත්තිවාරම මත රනින්, රිදීයෙන්, මැණික් ගලින්, දැවයෙන්, පන්වලින්, පිදුරුවලින් යන කවර හෝ දෙයකින් ගොඩ නගන කල, 13එකිනෙකාගේ කාරිය, එයින් විද්‍යමාන වෙයි. මන්ද ඒ දවසේ එය අනාවරණ කරන බැවිනි. එය එළිදරවු කරනු ලබන්නේ ගින්නෙනි. කෙනකු කර ඇති කාරිය, ඒ ගින්නෙන් පරීක්ෂා කරනු ලැබේ. 14යමකු එම අත්තිවාරම මත ගොඩ නැගූ දෑ නො දැවී පවතී නම්, ඔහු ත්‍යාගයක් ලබයි. 15යමකු ගොඩ නැගූ දෑ දැවී ගියේ නම්, ඔහු අලාභය දරයි. එහෙත් ඔහුට ගැලවීම ලැබේ. එහෙත් ගින්නෙන් බේරී ආ අයකු සේ පමණකි.
16දෙවියන්වහන්සේගේ මාලිගය ඔබ වගත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ තුළ වාසය කරන වගත් ඔබ දන්නේ නැති ද? 17යමෙක් දෙවියන්වහන්සේගේ මාලිගය විනාශ කරයි නම්, දෙවියන්වහන්සේ ඒ අය විනාශ කරන සේක. මන්ද දෙවියන්වහන්සේගේ මාලිගය ශුද්ධ ය. ඒ දේව මාලිගය ඔබ ය.
18කිසිවෙක් තමා ම රවටා නො ගනීවා. ඔබ අතරේ යමෙක්, තමා මේ යුගයේ ප්‍රඥාවතෙකැයි සිතයි නම්, ප්‍රඥාවත් වන පිණිස, ඔහු අඥානයකු බවට පත් වෙත්වා. 19මන්ද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියේ අඥානකමකි. මන්ද, “උන්වහන්සේ ප්‍රඥාවන්තයින් ඔවුන්ගේ ම උපායවලින් හසුකර ගන්නා සේකැ”#3:19 යෝබ් 5;13 යි ලියා තිබේ. 20තවද, “ප්‍රඥාවතුන්ගේ සිතුවිලි නිරර්ථක බව ස්වාමින්වහන්සේ දන්නා සේකැ”#3:20 ගීතා 94;11 යි ද ලියා තිබේ. 21එබැවින් යම් කෙනෙක් මනුෂ්‍යයන් ගැන පාරට්ටු නො කරත්වා. මන්ද සියලු දේ ම ඔබගේ ය. 22පාවුල් හෝ අපොල්ලොස් හෝ කේපස් හෝ වේවා, ලෝකය හෝ ජීවනය හෝ මරණය හෝ වේවා, වත්මන හෝ අනාගතය හෝ වේවා, ඒ සියල්ල ඔබගේ ය. 23ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ය; ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ ය.
Currently Selected:
1 කොරින්ති 3: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: