1 කොරින්ති 15:52-57
1 කොරින්ති 15:52-57 SCV
සැණෙක, ඇසි පිය ගසද්දී, අන්තිම හොරණෑ හඬ සමඟ ම එය වෙයි. මන්ද හොරණෑව හැඬවෙන කල, මළාහු අමරණ ස්වභාවයෙන් නැගිටුවනු ලබන්නෝ ය; අපිදු වෙනස් කරනු ලබන්නෙමු. මන්ද දිරා ජරාවට යන මෙම සිරුර, නො දිරන භාවයෙන් ද මැරෙන සුළු මෙම සිරුර, අමරණ භාවයෙන් ද පැලඳ විය යුතු ය. මෙසේ දිරා යන දේ නො දිරන බවින් ද මරණයට පත් වන දේ අමරණ බවින් ද පැලඳූ කල, ලියා ඇති කියමන ඉටු වෙයි; එනම්: “විජයග්‍රහණයේදී මරණය ගිල දමන ලදී.” “එම්බා මරණය, නුඹගේ ජය කොහේ ද? එම්බා මරණය, නුඹගේ විස දළ කොහේ ද?” මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය ව්‍යවස්ථාවයි. එහෙත් දෙවියන්වහන්සේට ස්තුති වේවා! උන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් අපට ජය දෙන සේක.





